IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සිරියා අනාථයෝ මුහුදේ දී අනාථයි

බෝට්ටුවක ගමන්කරමින් සිටිය දී අනතුරට පත්වූ 300ක පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව සයිප්‍රස් රජය පවසයි. සයිප්‍රසයට බටහිරින් මුහුදු සැතපුම් 55ක් පමණ ඈත මුහුදේ දී මේ බෝට්ටුව අනතුරට පත්ව ඇත.

සිරියාවේ සිට පලායන සරණාගතයන් මේ බෝට්ටුවේ සිටි බවත් ඉන් වැඩිපිරිසක් ළමයින් හා කාන්තාන් විය හැකි බවත් සයිප්‍රස් මාධ්‍ය පවසයි.

හෙලිකොප්ටර් යානාද ගලවා ගැනීමේ මෙහෙයුමට සහාය දෙති.

සයිප්‍රස් බලධාරින් ප්‍රකාශ කර සිටින්නේ මෙම බෝට්ටුවෙන් නිකුත් වූ මලානික සංඥා මගින් බෝට්ටුව රළු මුහුදේ අනතුරට පත්ව ඇති බව සොයාගනු ලැබු බවයි.

සිරියාවේ ගැටුම් හේතුවෙන් මධ්‍යධරණී මුහුද ඔස්සේ බෝට්ටුවල නැගී පලායන පිරිස් වැඩි වී ඇත. ඉන් වැඩිපිරිසක් ඉතාලිය සහ මෝල්ටා වෙත ගමන් කරති.

සයිප්‍රස් ආරක්ෂක අමාත්‍යාංශය මගින් අනතුරට පත් යාත්‍රාවේ ඡායාරෑප මාධ්‍යයට නිකුත් කර තිබේ.



අදහස් (0)

සිරියා අනාථයෝ මුහුදේ දී අනාථයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site