බෝට්ටුවක ගමන්කරමින් සිටිය දී අනතුරට පත්වූ 300ක පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව සයිප්‍රස් රජය පවසයි. සයිප්‍රසයට බටහිරින් මුහුදු සැතපුම් 55ක් පමණ ඈත මුහුදේ දී මේ බෝට්ටුව අනතුරට පත්ව ඇත.

සිරියාවේ සිට පලායන සරණාගතයන් මේ බෝට්ටුවේ සිටි බවත් ඉන් වැඩිපිරිසක් ළමයින් හා කාන්තාන් විය හැකි බවත් සයිප්‍රස් මාධ්‍ය පවසයි.

හෙලිකොප්ටර් යානාද ගලවා ගැනීමේ මෙහෙයුමට සහාය දෙති.

සයිප්‍රස් බලධාරින් ප්‍රකාශ කර සිටින්නේ මෙම බෝට්ටුවෙන් නිකුත් වූ මලානික සංඥා මගින් බෝට්ටුව රළු මුහුදේ අනතුරට පත්ව ඇති බව සොයාගනු ලැබු බවයි.

සිරියාවේ ගැටුම් හේතුවෙන් මධ්‍යධරණී මුහුද ඔස්සේ බෝට්ටුවල නැගී පලායන පිරිස් වැඩි වී ඇත. ඉන් වැඩිපිරිසක් ඉතාලිය සහ මෝල්ටා වෙත ගමන් කරති.

සයිප්‍රස් ආරක්ෂක අමාත්‍යාංශය මගින් අනතුරට පත් යාත්‍රාවේ ඡායාරෑප මාධ්‍යයට නිකුත් කර තිබේ.