සිරියානු සරණාගතයන්ට සහනාධාර ලබාදීම ලෝක ආහාර වැඩ සටහන නවතා දැමීම හේතුවෙන් ඔවුන් බලවත් අසීරුතාවකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සිරියානු සරණාගතයන් ලක්ෂ 17ක් සඳහා සහනාධාර ලබාදීමට වැය කළ අරමුදල අර්බුදයට ලක්වීම හේතුවෙන් මෙලෙස සහනාධාර සැපයීඹ නතරකිරීමට සිදුව ඇත.
එක්සත් ජාතින්ගේ ඒජන්සිය පැවසුවේ මෙම වැඩ සටහන මගින් ජෝර්දානයේ, ලෙබනන්, තුර්කිය, සහ ඊජිප්තුවේ සරණාගතයිනට ආහාර මිලදී ගැනීමට වවුචර් පත් ලබා දුන් බවයි. සහනාධාර නොමැතිවීමෙන් බොහෝ පවුල්වලට කුසගින්නේ ශීත සෘතුව ගත කිරීමට සිදුව ඇත.
ලෝක ආහාර වැඩ පිලිවලේ විධායක අධ්‍යක්ෂක එර්තරින් කුෂින් පැවසුවේ දෙසැම්බර් මාසයේ පමණක් සරණාගතයන්ට උදව් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 64 ක් එනම් පවුම් මිලියන 41 ක් අවශ්‍යව තිබෙන බවයි.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසෙඩ් ට විරුද්ධව මීට වසර තුනකට පෙර ඇතිවූ කැරළි හේතුවෙන් සිරියාවේ ලක්ෂ 37 කට වඩා රටින් පලාගොස් ඇති අතර ලක්ෂ 76 ට සිරියාව තුලම උන් හිටි තැන් නැතිවි තිබේ.
ආහාර වැඩ සටහන නැවත්විමෙන් අනාථයන්ගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වි ඇතැයිද අසල්වැසි රටවල් වල ආරක්ෂාවද නැතිවි ගොස් ඇතැයි කොසින් මහත්මිය කිවාය.
අළුතින් අරමුදල් ලැබුනේ නම් අනාථයනට තම ඉලෙක්ට්‍රෝනික වවුචර් මගින් ආහාර මිලදි ගැනිමට සහාය දැක්වීමට වහාම පියවර ගන්නා බව කොසින් මහත්මිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේත් මේ පවතින අපරාධ,දූෂණ තවදුරටත් පැවතියහොත් අපි මීටත් වඩා අනාථයි. (නි)
මේ අයට උදව් කරන්න අනිත් අයට මෙත් කරුණා පහළ වේවා! (නි)
සත්‍යයා, වොල්ටර් කරුණාකර නැවත මෙම පුවත නැවත කියවන්න. මෙහි සදහන් දේ තේරුම් ගැනීමට උත්සහ කරන්න. මානව හිමිකම් ගැන ලෝකෙටම පුරසාරන් දොඩවන ඇමෙරිකාව, බ්‍රිතාන්නය මේ රටවල් වල මිනිසුන් අතර කෝලාහල ඇති කරලා රජයන්ට නායකයන්ට විරුද්ධව මිනිසුන් නොමග යවල මුළු අරාබි කරේම රටවල් අතර සුහද තාවය නැති කරලා තිබෙන තත්වයක් දැන් තියෙන්නේ. අහිංසක මිනිස්සු කී දාහක් කන්න නැතුව මේ සිතල කාලේ දුක් විදිනවා ද? (ර)
අපේ රටට අවශ්‍ය මේ වගේ වෙනසක්. (නදී)
ලෝක ආහාර වැඩ සටහන මේ සම්බන්ධයෙන් මුදල් ඉල්ලා ලොව සැමට ආයාචනයක් කර තිබෙනවා. "වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම්" වෙබ් අඩවියට ගොස් ඩොලර් එකක් වැනි සුලු මුදලක් පරිත්‍යාග කළ හැකියි.(හේ)
ලස්සන දරු පැටවූ දුක් විදින හැටි. දුක හිතෙනවා. (ර)
මෙහෙම ගියොත් අපිටත් වෙන්නේ මේකම තමා. (නි)
ලෝක ආහාර වැඩ සටහන ඉල්ලා සිටි මුදල ඩොලර් මිලියන 64ක් වුවත් දැනට මිලියන 80 ඉක්මවා ආධාර ලැබී තියෙනවා.ඒ නිසා දැන් ප්‍රශ්නය ඉවරයි.(හේ)