
සිරියාවේ නව අන්තර්වාර රජයේ නව අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම, එරට අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරාගේ ප්‍රධාන්වයෙන් සිදුවිය.
නව අමාත්‍ය මණ්ඩලයට, අල් ෂාරාට හිතවත් සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇතුළත් වෙයි. එක් කාන්තා නියෝජනයක් ද දකින්න ලැබේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ධුරයෙන් නෙරපා දැමීමට, විපක්ෂ දේශපාලන කණ්ඩායම්ලට සහාය දුන් සන්නද්ධ අංශය මෙහෙය වූයේ අහ්මද් අල් ෂාරා ය. සිරියාවෙන් පලා ගිය අසාද් මේ වනවිට රුසියාවේ ජීවත් වෙයි.
නව රජයේ විදේශ අමාත්‍ය ධුරය, අසාද් අල් ෂයිබානීටත්, ආරක්ෂක අමාත්‍ය ධුරය මුර්හාෆ් අබු කස්රාටත් හිමි වී ඇත. බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත් කෙරුණේ අනාස් කටාබ්ය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd