ප්‍රවේණිගත දෝශ හේතුවෙන් නිසරු බව ලැබූ පුරුෂයන්ගේ සමෙන් මුල් අවධියේ ශුක්‍ර සෛල නිර්මානය කළ හැකි බව පර්යේෂකයෝ පිරිසක් කියති. නිසරු පුරුෂයන් යනු ස්වභාවික තත්ත්වයන් යටතේ ස්ත්‍රියක් ගැබ් ගැන්වීම සඳහා අවශ්‍ය තරම් හැකියාවක් නොමැති පුද්ගලයන්ය. විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ ශුක්‍රාණුවල ජීවී බව අඩු බවයි.
පර්යේෂකයන් පවසන්නේ ඉදිරි අනාගතයේදී මෙම තාක්ෂණය හේතුවෙන් ශුක්‍රානු ජනනය කිරීමට නොහැකි පුරුෂයන්ට අලුත් බලාපොරොත්තු ගෙනෙන බවයි.
මේ පිලිබඳව ප්‍රධාන පර්යේෂකවන ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්කන්ධ සෛල ජීව විද්‍යා සහ පුනර්ජනක වෛද්‍ය ඒකකයේ ආචාර්ය රෙයිජෝ පේරා පවසන්නේ ඔවුන්ගේ මෙම ප්‍රතිඵල පළමුව පරික්ෂණාත්මක ආදර්ශයන් ලෙස පවත්වාගෙන යාමට ශුක්‍රානු වර්ධනය සම්බන්ධ අධ්‍යනයන්ට ලබාදෙන බවයි.
සමේ සෛල උපයෝගී කරගෙන තත්ත්වයෙන් උසස් මුල් අවධියේ ශුක්‍රාණු සෛල විශාල ප්‍රමාණයක් තැටියක ජනනය කිරීම මෙහිදී සිදුකැරේ. ඉන් අනතුරුව නිසරු පුද්ගලයන්ගේ වෘෂණයන්ට කෙලින්ම බද්ධ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.
දැනට සිදුකැර ඇති පරීක්ෂණ අනුව ලෝක ජනගහණයෙන් සියයට 10ත් 15ත් අතර පිරිසක් නිසරු තත්ත්වයේ බලපෑමට නතුව ඇත. ඒ අතරින් ප්‍රවේණිගත ගැටළු වැඩිම ප්‍රමාණයකට මුහුණ දෙන්නේ පිරිමි පක්ෂයයි. මේ නව සොයා ගැනීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශීල, ඔබ ඔය මතුකරන තර්කය පුරුෂාධිපත්‍යයේ තවත් එක් ප්‍රතිපලයක්. කණගාටුයි ඔවැනි දේවල් ගැන. මම නිතරම ලංකාවේ සිටියදී හිතපු දෙයක් තමයි ලංකාවේ මිනිස්සුන්ගේ කට ඇරියොත් බුදුබණ. හැබැයි කෙරුවාව??(නි)
ශිලගේ කතාව මමත් අනුමත කරනවා.හැම වරදක්ම ගැහැණිය පිට පටවන එකනේ ලොකුම දේ. ඒක ගැහැණියට කරන ලොකු අසාධාරණකමක්. සමහර කාන්තාවන්ගේ විවාහ ජීවිතෙත් විනාශ වෙනවා ඔය වගේ වැරදි වැටහීම් වලින්. (ස)
මේ රටේ වැඩි හරියක් කාන්තාවෝ ඉන්නේ අන්ධ විශ්වාසත් එක්ක. ඒවායෙන් මිදිලා විද්‍යාත්මක (නිවැරදි) අවබෝධයෙන් වැඩ කරන්න පුරුදු පුහුණු වෙන්න අවශ්‍යයි.එතකොට තමයි මේ මිත්‍යා මත සමාජයෙන් බැහැර කරන්න පුළුවන් වෙන්නේ.ඒකටත් ඉතින් අවබෝධයක් ඇති කාන්තාවෝ පෙරමුණ ගන්න ඕනා. (ස)
මේ මොකෙක්ද අනේ අමුතුම ජාතියේ සර්පයෙක්. (ස)
මේ කන වසවිස නිසා තමයි දරුඵල අඩු (ස)
ගං කුකුඵ බිත්තර කෑවානම් හොදට සරුවෙනවලු.(නදී)
ඉස්සර කාලේ මේ වගේ ප්‍රශ්න තිබුණේ නෑ. දැන් කාලේ කන කෑම නිසා මේ හැම දේම වෙන්නේ. (ස)
මෙය මේ කාලයේ බොහෝ දෙනෙකුට තිබෙන කණගාටුදායක තත්ත්වයක් (නි)
සමහර නිවෙස් වල විවාහක කාන්තාවට දරු ඵල සම්බන්ධයෙන් ඇඟිල්ල දික් කරන්නේ අවිවාහකව වයස්ගතව ගිය ඥාති කාන්තාවන්. එහෙම ඉරණමකට ලක් වෙලා විවාහයෙන් වෙන් වූ මම දන්නා කාන්තාවකට දෙවන විවාහයේදී නිවුන්නු ලැබුනා. දැන් අර පළමු විවාහයේ අවිවාහක වැඩිමල් නෑනා කසාය බීපු ගොළුවා වගේ ඉන්නවාලු. (නි)
දරු ඵල නැතිවීම මේ කාලයේ බොහෝ දෙනෙකුට තිබෙන කණගාටුදායක තත්ත්වයක්. මම දන්නා විවාහක යුවලක් වෛද්‍ය ප්‍රතිකාර වලට ඔවුන්ගේ සේසතම වියදම් කළත් ඵලක් වුණේ නැහැ. දැන් ඉතා දුකින් හිත හදාගෙන ඉන්නවා. (නි)
රංජි, ඔබ ෆොන්සේකා කෙනෙක් යනුවන් අදහස් කර ඇත්තේ ඔබ වගේම සියලු මානව අයිතිවාසිකම් සහිතව ඉපදුන මේ සමාජයේම කොටසක් ගැන විය යුතුයි. ඔබේ අදහස මේ ලිපියට අදාල නැහැ වගේම මිනිසුන් මෙවැනි හේතු මත වෙන්ව සැලකීම් සදාචාරාත්මක නැහැ. (දී)
කාන්ති ඒ යුවල මට අඳුන්වා දෙන්න මට පුලුවනි උදවු කරන්න (දී)
ප්‍රේමකුමාර මහත්මයා, ඒ යුවල ලංකාවේ දන්නා කියන උදවිය මෙන්ම හදිසියේ මඟ තොටේදී හමු වන අයත් දරුවන් ගැන අසන ප්‍රශ්න වලින් හෙම්බත් වී පිටරට පදිංචියට ගියා. ඒ කාන්තාව ඉතා කාරුණිකයි. මා දන්නා තරමින් අනුන්ගේ දරුවන්ටත් හරියට උදව් උපකාර කරනවා. ඔහොම තමා ලබා උපන් හැටි. (නි)
ශීලා ඔයාගේ කතාව නම් 100%ක් හරි. ලංකාවට වඩා ඉන්දියාවේ ඔය තත්වේ හරිම දරුණුයි. ලෝකේ කොයි තරම් දියුණු වුණත් අපේ මිනිස්සු නම් වෙනස් වෙන්නේ නැහැ. (ස)
කොහොම වුනත් දරුවන් නැති අයට මෙික කොයිතරමි සහනයක් වෙයිද අනාගතයේ. (නදී)
මේ යට ෆොටෝ එකේ ඉන්න කෙනානම් ෆොන්සේකා කෙනෙක්නේද...? (ස)
ප්‍රේම කුමාර ගේ විද්‍යා දැනුමට ලකුණු බින්දුවයි. (දී)
සුපුන්, ඉස්සරත් තිබුනා.නමුත් විද්‍යාව දියුණු නැති නිසා කාන්තාව වඳ බව කියා කියා පිරිමි බේරුනා විතරක් නොවේ, නිකරුනේ වඳ ගැහැණියෙක් කියලා ලේබල් ගහපු උතුම් සමාජය ඒ කාන්තාව කොන්කරන්නට සහ අසුභ ලකුණක් විදියට දකින්ටත් පුරුදු වුණා.තාමත් ගම් වල තත්ත්වය ඕකයි.ඔන්න ලංකාව (නි)