පිලිපීනයේ මැනිලා අගනුවර රබර් සෙරෙප්පු කම්හළක ඇතිවූ ගින්නකින් සේවකයන් 45 දෙනකු මියගොස් 26 දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහල් දෙකකින් යුතු මේ කර්මාන්තශාලාවේ ඉදිරිපස ගේට්ටුවේ පෑස්සුම් කටයුත්තක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි එරට ගිනි නිවන ඒකකය පවසයි.
අතුරුදන්ව ඇති සේවකයන් අධික දුමාරය හා ගින්න හේතුවෙන් පලායන්නට ඇතැයි කර්මාන්තශාලාවේ හිමිකරු පවසා ඇත. ගිනි නිවන සේවකයන් පවසන්නේ අතුරුදන්ව ඇතැයි කියන සේවකයන් ද ගින්නට හසුවී මිය යන්නට ඇති බවට සැකකරණ බවයි.
හමුවූ මළ සිරුරු වැඩි ප්‍රමාණයක ඉතිරිව තිබුණේ හිස්කබල හා පිළිස්සීගිය ඇටසැකිලි පමණක් බව මාධය වාර්තා පෙන්වා දී ඇත. මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම ඉතා අසීරු කරුණක් වනු ඇතැයි ද එරට පොලිසිය පවසයි. ගින්න හටගන්නා අවස්ථාවේ කර්මාන්තශාලාවේ සේවකයෝ 200-300ක් අතර පිරිසක් සේවය කළහ.
සෙරෙප්පු සාදන ද්‍රව්‍ය පහසුවෙන් ගිනි ගැනීමත් ඒ සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය ද ගිනිගන්නා සුළු වීමත් ගින්න ඉක්මණින් පැතිරයාමට හේතුවන්නට ඇතැයි බලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd