
ජපන් අභ්‍යවකාශ ආයතනය, සඳ මතට සාර්ථකව රොබෝ යානයක් පතිත කිරීමට සමත්විය.
‘මූන් ස්නයිපර්’ නමැති මෙම චන්ද්‍ර යානය, චන්ද්‍ර පෘෂ්ඨයට පතිත කිරීම සිදුවූයේ පසුගිය 19 වැනිදාය. එය සාර්ථක විය.
ඇමෙරිකාව, සෝවියට් රුසියාව, චීනය සහ ඉන්දියාවට පසු, චන්ද්‍ර පෘෂ්ඨයට යානයක් යැවූ පස්වැනි රට ජපානයයි.
කෙසේ නමුත් යානය ගොඩබෑමේදී ගැටලුවක් හටගත් බැවින්, එහි සූර්ය පැනල නිසි ලෙස ක්‍රියාත්මක නොවිණි. එහෙයින්, ගොඩබෑම සාර්ථක වුවත් යානයේ ඉදිරි මෙහෙයුම් කටයුතු අසාර්ථක වී ඇතැයි පැවැසෙයි.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd