වෘකයින් හා වග වළසුන් ගැවසෙන මහ වනයේ සති දෙකකට ආසන්න කාලයක් අතරමංව සිට අවසානයේ තම දෙමව්පියන් හා නැවත වරක් එකතුවීමට යන කුඩා දැරියක පිළිබදව සයිබීරියාවෙන් වාර්තා වේ.
කරීනා චිකිටෝවා නම් වන මේ දැරිය තෙහැවිරිදිය.අසළ ගම්මානයකට ගිය තම පියා පසුපසින් යෑමට තැත්කළ ඇය මෙසේ වනයේ අතරමංව වුවාය.
නැවත යායුතු මඟ සොයාගත නොහැකිව ඇය වනයේ ගතකර ඇති කාලය සති දෙකකට ආසන්නය.මුලූ කාලය පුරාම ඇයගේ පිහිටට සිට ඇත්තේ ඇයගේ සුරතල් බැල්ල වූ නාඩියා පමණකි.
නාඩියා තම කුඩා ස්වාමිදුවණියට ආරක්ෂාව සපයමින්,තම ලොම් වලින් සීත රැයේ ඇයට උණුසුම ලබා දෙමින් ඇයට බලා කියාගෙන ඇත.
තම ස්වාමිදුවණිය දුර්වල වන බව දැනගත් නිසාදෝ නාඩියා නැවත වරක් කෙසේ හෝ මග සොයාගෙන ඔවුන් ජීවත්වූ ගම්මානය වෙත පැමිණ තිබේ.
ගම්මානයේ සියළු දෙනාම කුඩා කරීනා සොයා වනය පීරමින් සිටි අතර නාඩියා දැකීම ඔවුන්ගේ නෙතට රසඳුනක් වැනි විය.එසේ වුවත් නාඩියා නිවෙස් වල ඇති කරන සාමාන්‍ය බැල්ලියක නිසාවෙන් ඇය පසුපසින් ගොස් කරීනා සොයාගැනීමට ගම්වැසියන්ට තවත් බොහෝ වේලාවක් ගතව ඇත.
අවසානයේ ඇය සොයාගන්නා විට කරීනා සිටියෝ තණ ගොල්ලක නින්දේය.ඇය ඉතා දුර්වල තත්ත්වයේ සිටියාය.
වහාම ඇය රෝහල් ගත කෙරුණු අතර දැන් දින කිහිපයක ඇවෑමෙන් ඇය සුපුරුදු ශක්තිය ලබා සිටින්නීය.
දැන් කරීනාගේ එකම අරමුණ තම පවුල හා එකතු වීමය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න සමහර මිනිසුන්ට වඩා උතුම් ගති තිරිසන් සතුන් ලග තියනවා (නදී).
අමා ඔබගේ අදහස නම් සම්පුර්ණ ඇත්ත. (ස).
මේ කොච්චර හොඳ බැල්ලියක්ද? ඇයගේ ඡායාරූපයකුත් දාන්න (නි)
බැල්ලියගේ පින්තුරයක් දමන්නම ඕනා නේ. ඒ සතාට පින් (නදී)
බැල්ලිගේ පින්තූරයක් දැම්මා නම් හොඳයි (නදී)
මෙලොව මිනිසුන් කවදා හෝ අමරණීය වේද ඊට ප්‍රථම අහිංසක තිරිසන් සතුන් අමරණීය වනු ඇත. (නදී)