මෝල්ටාවේ අඹු සැමි යුවලක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරට පත්වන සංක්‍රමණිකයන් බේරා ගැනීමට බෝට්ටුවක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෙජිනා හා ක්‍රිස් ක්‍රැතම්බෝන් යන දෙදෙනා තම පුද්ගලික ධනය යොදවමින් ෆිනික්ස් නම් යොට් යාත්‍රාවක් මේ සඳහා යොදා ඇතැයි ද මුහුදේ දී අනතුරට පත්වන සංක්‍රමණිකයන් බේරාගැනීමට පුද්ගලික බෝට්ටුවක් යෙදවී පළමු අවස්ථාව මෙය බව ද මාධ්‍ය වාර්තා කරයි.
සෑම වසරක දී ම උතුරු අප්‍රිකාවේ සිට යුරෝපයට සංක්‍රමණය කරන්නන් දහස් ගණනක් යුරෝයත් අප්‍රිකාවත් අතර පිහිටි මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ ගනිති. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මෙම සංචාරයේ දී දිවිරැකගැනීමට සමත් නොවෙති.
දැනට 2014 දී පමණක් සංක්‍රමණිකයන් 2000ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතින්ගේ සරණාගත ඒජන්සිය පවසයි. ඉන් 1600ක් මියගොස් ඇත්තේ මැයි මාසයෙන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන කට්ටිය කවුද කියලා අපි දන්නවා (නි)
සමන්, මම ඔබට එකඟයි (නි)
පිං වැඩක් (අ)
ඔබ බේරාගන්නා සරණාගත වෙසින් බොහොමයක් එන අන්තවාදීන් අතින් ඔබගේ මතු පරම්පරාව විනාශ වෙනු ඇත! (අ)
සමන් ඔබ හරි, රජයක් කරන්ඩ ඕන දෙයක් එයාල කරන්නේ. මං හිතන්නේ ඔතන වෙන මොනා හරි කූට ව්‍යාපාරයක් ඇති. (නදී)