යුද ගැටුම් හෝ වදහිංසා හේතුවෙන් තම නිවාසවලින් පැනගොස් ඇති පිරිස දැනටත් ලක්ෂ 600 ඉක්මවතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහාවන ඒජන්සිය පවසයි.
පසුගිය වසරේ දී දිනකට ලොව පුරා 42,500ක් සරණාගතයන් හෝ දේශපාලන රැකවරණ ඉල්ලන්නන් බවට පත්ව සිටින බව ද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහාවන ඒජන්සිය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ලෝකයේ මිනිසුන් 122න් එක් අයෙක් දිනක දී සරණාගත තත්ත්වයට හෝ අතැන්වීමට හෝ දේශපාලන රැකවරණය පතන්නකු බවට පත්වන බවයි.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් ඇන්ටෝනියෝ ගටරස් පවසන්නේ මෙය ලෝකයට ඉතා කරදරකාරී තත්ත්වයක් බවයි. මේ පිරිස නඩත්තු කිරීම ද තවදුරටත් අපහසු තත්ත්වයක් බවත් හෙතෙම කියයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සරණාගත තත්ත්වයට පත්වූ පුද්ගලයන්ට හා දේශපාලන රැකවරණය පතන්නන්ට සහයෝගය දැක්වවීම ද ඉතා අපහසු කාර්යයකි.
ජාත්‍යන්තර වශයෙන් සියලු රටවල් එක්වී යුද තත්ත්ව නැවැත්වීමටත් සාමය ආරක්ෂා කිරීමටත් එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය යැයි ද කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වාදෙයි. +10
සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් පසුගිය වසර අවසන් වන විට එරට ලක්ෂ 76ක ජනතාවක් අභ්‍යන්තර ලෙස අවතැන්ව සිටියහ. ලෝකයේ වැඩිම පිරිසක් යුද්ධය හේතුවෙන් අවතැන්ව ඇත්තේ සිරියාවේය.
යුරෝපා සංගමයේ රටවල් අතරින් දේශපාලන රැකවරණ ඉල්ලීම සඳහා වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ජර්මනියට දෙවැනි වැඩිම ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ස්වීඩනයටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපා රටවල් ඇමරිකාව සමග එක්වී විනාස කරපු රටවලින් තමා වැඩි වශයෙන් සරණාගතයන් ලෙස එන්නේ, දැන් යුරෝපා රටවලට මේ මිනිස්සු බාරගන්නවා හැර වෙනත් විකල්පයක් නැහැ. (නදී)
ජර්මනියට ගිය වසරට වඩා දෙගුණයක් මේ වසරේ පැමිණ තිබේ. (ර)
ලෝක හොරු වන ඇමරිකාව සහා යුරෝපය මැදපෙරදිග රටවල් විනාශකර සරණාගතයන් බිහිකරයි.මෙම සරණාගතයන් අනාගතයේදී යුරෝපය විනාශ කරයි. (නි)
තෙරුවන් සරණෙහි විද්‍යාත්මක හර පද්ධතීන් නිවැරදිව ලෝක දර්ශනයට එක් කරන්නේ නම් සරණාගතයෝ ලෝකයට බරක් නොවනු ඇත. ඉන්දියාවේ මෝදී යෝග හරහා අරඹන ලෝක ආදර්ශය බෞද්ධ ඥාන දර්ශනය තුළින් විකසිත කිරීම වගකීම අපට ඇත.(ම)