IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සරණාගතයෝ ලෝකයට බරක් වෙති

යුද ගැටුම් හෝ වදහිංසා හේතුවෙන් තම නිවාසවලින් පැනගොස් ඇති පිරිස දැනටත් ලක්ෂ 600 ඉක්මවතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහාවන ඒජන්සිය පවසයි.

පසුගිය වසරේ දී දිනකට ලොව පුරා 42,500ක් සරණාගතයන් හෝ දේශපාලන රැකවරණ ඉල්ලන්නන් බවට පත්ව සිටින බව ද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහාවන ඒජන්සිය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ලෝකයේ මිනිසුන් 122න් එක් අයෙක් දිනක දී සරණාගත තත්ත්වයට හෝ අතැන්වීමට හෝ දේශපාලන රැකවරණය පතන්නකු බවට පත්වන බවයි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් ඇන්ටෝනියෝ ගටරස් පවසන්නේ මෙය ලෝකයට ඉතා කරදරකාරී තත්ත්වයක් බවයි. මේ පිරිස නඩත්තු කිරීම ද තවදුරටත් අපහසු තත්ත්වයක් බවත් හෙතෙම කියයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සරණාගත තත්ත්වයට පත්වූ පුද්ගලයන්ට හා දේශපාලන රැකවරණය පතන්නන්ට සහයෝගය දැක්වවීම ද ඉතා අපහසු කාර්යයකි.

ජාත්‍යන්තර වශයෙන් සියලු රටවල් එක්වී යුද තත්ත්ව නැවැත්වීමටත් සාමය ආරක්ෂා කිරීමටත් එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය යැයි ද කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වාදෙයි. +10

සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් පසුගිය වසර අවසන් වන විට එරට ලක්ෂ 76ක ජනතාවක් අභ්‍යන්තර ලෙස අවතැන්ව සිටියහ. ලෝකයේ වැඩිම පිරිසක් යුද්ධය හේතුවෙන් අවතැන්ව ඇත්තේ සිරියාවේය.

යුරෝපා සංගමයේ රටවල් අතරින් දේශපාලන රැකවරණ ඉල්ලීම සඳහා වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ  ජර්මනියට දෙවැනි වැඩිම ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ස්වීඩනයටයි.



අදහස් (0)

සරණාගතයෝ ලෝකයට බරක් වෙති

ලක්මාල් Sunday, 21 June 2015 04:39 PM

යුරෝපා රටවල් ඇමරිකාව සමග එක්වී විනාස කරපු රටවලින් තමා වැඩි වශයෙන් සරණාගතයන් ලෙස එන්නේ, දැන් යුරෝපා රටවලට මේ මිනිස්සු බාරගන්නවා හැර වෙනත් විකල්පයක් නැහැ. (නදී)

:       0       0

සමන්තිකා පෙරේරා Monday, 22 June 2015 10:52 AM

ජර්මනියට ගිය වසරට වඩා දෙගුණයක් මේ වසරේ පැමිණ තිබේ. (ර)

:       0       0

ප්‍රනාන්දු Monday, 22 June 2015 08:38 PM

ලෝක හොරු වන ඇමරිකාව සහා යුරෝපය මැදපෙරදිග රටවල් විනාශකර සරණාගතයන් බිහිකරයි.මෙම සරණාගතයන් අනාගතයේදී යුරෝපය විනාශ කරයි. (නි)

:       0       0

නිමාෂා Monday, 22 June 2015 07:15 AM

තෙරුවන් සරණෙහි විද්‍යාත්මක හර පද්ධතීන් නිවැරදිව ලෝක දර්ශනයට එක් කරන්නේ නම් සරණාගතයෝ ලෝකයට බරක් නොවනු ඇත. ඉන්දියාවේ මෝදී යෝග හරහා අරඹන ලෝක ආදර්ශය බෞද්ධ ඥාන දර්ශනය තුළින් විකසිත කිරීම වගකීම අපට ඇත.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site