ජිනිවාහිදීය (ඒ.එෆ්.පී)
ලොව වෙසෙන සරණගත දරුවන්ගෙන් අඩක් පාසල් නොයන බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ සංවිධානය ප්‍රකාශ කරයි.
දැනට සරණාගත දරුවන් මිලියන 3.5කට ප්‍රමාණයක් පාසල් නොයන බවත් එම සංවිධානය තවදුරටත් පෙන්වා දෙයි. මෙම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ශක්තිමත් සහ අඛණ්ඩව අරමුදල් යෙදවීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කළ බව ද සංවිධානය අවධාරණය කරයි.
“අද වනවිට වයස අවුරුදු 5ත් 17ත් අතර වයසේ පසුවන සරණාගත දරුවන් මිලියන 6.4ක් පමණ ඉන්නවා. ඔවුන්ගෙන් මිලියන 3.5ක් පසුගිය වසරේදී එකම දිනයක්වත් පාසල් ගිහින් නැහැ. ඔවුන් පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ රැකවරණය මත කල් ගෙව්වා” යැයි එම සංවිධානයේ නවතම වාර්තාව සඳහන් කර ඇත.
කෙසේ නමුත් පෙර වසරේ සංඛ්‍යා දත්ත හා සැසඳීමේදී මේ වසරේදී යම් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද එම වාර්තාව කියයි. මීට පෙර වාර්තාවට අනුව මිලියන 3.7ක් පාසල් ගොස් නැති අතර එය නවතම වාර්තාවට අනුව මිලියන 3.5ක් දක්වා අඩු වී තිබේ.
“සාමකාමී සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් මේ සරණාගත තරුණයන්ගේ අධ්‍යාාපනයම ඉතාම වැදගත්. ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්. ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම ඔවුන්ගේ රටේ අනාගත සෞභාග්‍යයටත් ඉතා වැදගත්” යැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානි ෆිලිප්පෝ ග්‍රාන්දි සඳහන් කළේය.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd