තමිල්නාඩුවේ පුලියම්පත්ති සරණාගත කදවුරේ සිටි ශී‍්‍ර ලාංකික සරණාගතයෙකු පිහි ඇනුමකට ලක්ව ඝාතනයව තිබීම සම්බන්ධයෙන් තමිල්නාඩු පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට පවසා තිබෙන ආකාරයට ඇය වැඩ නිමවී නිවසට පැමිණි අවස්ථාවේ ලේ විලක් මැද නිසලව වැටී සිටි තම සැමියා දැක ඇත.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මෙම යුවළගේ නිවස ආසන්නයේම වාසය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.මියගිය පුද්ගලයාගේ බිරිඳ හා එම පුද්ගලයා අතර අනියම් සබදතාවක් තිබී ඇති බවට සාක්ෂි මූලික පරීක්ෂණ වලින් හෙළිව ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd