මධ්‍යධරණී මුහුදේ සරණාගතයින් මුදා ගැනීමේ යෙදී සිටි නැවකදී නයිජීරියා  කාන්තාවක් පිරිමි දරුවකු බිහිකැර ඇතැයි වාර්තා වේ. නාවික නිලධාරීන් පවසන්නේ වුවමනාවටත් වඩා මිනිසුන් පටවන ලද කුඩා රබර් ඔරුවක ගමන් කරමින් සිටියදී මෙම කාන්තාව ඇතුළු පිරිස බේරා ගත් බවයි.

දරු උපත සිදුවීමට පැය 24කට පමණ පෙර බේරාගෙන ඇති මෙම පිරිස අතර කාන්තාවගේ සැමියා සහ අනෙක් දරු දෙදෙනාද සිට ඇත.

අනතුරුදායක හා අසාමාන්‍ය තත්ත්ව යටතේ සාමාන්‍ය දරු උපතක් සිදුවූ බවත් එය ජාත්‍යන්තර මුහුදේදී සිදුවූ බැවින් දරුවාගේ පුරවැසිභාවය සම්බන්ධව විවාදයක් පැනනැගී ඇති බවත් නැවේ සිටින වෛද්‍යවරු ප්‍රකාශ කරති.

වඩා සැපවත් ජීවිතයක් අපේක්ෂාවෙන් වාර්ෂිකව දහස් ගණනින් සරණාගතයන් සහ සංක්‍රමණිකයන් සිය ජීවිත අවදානම ද නොතකා මධ්‍යධරණී මුහුද තරණය කරමින් යුරෝපය කරා ගමන් කරති. එහෙත් විදෙස් වාර්තා සඳහන් කරන්නේ පසුගිය වසරේ මෙලෙස ගමන් ගත් සරණාගයින්ගෙන් 3700ක් පමණ මියගොස් ඇති බවයි.

web070012-9-2016withmotherfaithmsfmidwifejonquilnichollandb... webstream_img