විසල් සරුංගලයක පැටලී ගුවනට ඇදී ගිය දරුවෙකු අඩි 65 ක් පමණ උසක සිට බිමට ඇදවැටී මරුමුවට පත්ව ඇති පුවතක් වියට්නාමයෙන් වාර්තා වේ.සිද්ධිය දුටුවෝ පවසන ආකාරයට සරුංගලය පා කර යවමින් සිටි පුද්ගලයින්ගේ අතින් ගිලිහුණු නූල මේ දරුවාගේ පාදවල පැටලී තිබෙන අතර එක්වනම හැමූ දැඩි සුළගත් සමග සරුංගලය ඉහළ නැග ඇත්තේ ඔහුද ඇදගෙනය.
බිමට ඇද ගැනීමට දැරූ සියලූ උත්සාහයන් ව්‍යර්තවූ තැන දරුවා ඉහළට යන අයුරු බලා සිටිනවා හැරෙන්නට තමන්ට කළ හැකි අන්කිසිත් දෙයක් නොතිබුණු බව ඔවුහු කියති.
අඩ 65 ක් පමණ උසකට නැගුණු සරුංගලයෙන් ගිලිහුණු දරුවා පහළට ඇදවැටී තිබෙන අතර වහාම රෝහල් ගත කෙරුණද තුවාළ බරපතල වීම නිසාවෙන් ඔහු මරණයට පත්ව ඇත.
සිද්දිය පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබෙන වියට්නාම බළධාරීන් පවසන්නේ මෙම සරුංගලය ගුවනට එක්කෙරුණු සරුංගල් යැවීම සදහාම වෙන්කර තිබෙන ඩොන්ග් ඩියු පිටියට කුඩා දරුවන් ඇතුල්වීම තහනම් කර ඇතත් මෙම දරුවා පිටියේ ඉදිකර තිබූ තම මවට අයත් බීම හලක ඇයගේ අත්උදවුවට පැමිණ තිබෙන බවයි.
ගුවනට යැවෙන ඇතැම් සරුංගල් වැඩුණු මිනිසෙකු පවා ඇදගෙන යා හැකි තරම් විශාල වන බැවින් මෙසේ කුඩා දරුවන් ඇතුල් කර ගැනීම තහනම් කර තිබෙන බව ඔවුන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක්මුසු කතාවක්.මෙවන් විපත් ආයේ සිදු නොවේවා.(හේ).
ආයෙත් නම් අහන්න ලැබෙන්න එපා ..(හේ)
මේ වගේ අනතුරක් පළමු වතාවට දැක්කමයි.(හේ)