නීතිවිරෝධී උද්ඝෝෂණයක නිරත වු බව කියන සිරගත කළ රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි නිදහස් කර ඇතැයි එරට විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු දින විස්සක කාලයක් බන්ධනාගාරය තුළ රැදී සිට ඇත.

රුසියා ජනාධිපති ව්ලැදීමීර් පුටීන් දැඩි ලෙස විවේචනය කරන ඔහු පසුගිය රුසියානු ජනාධිපතිවරණයට සහභාගී වීමට නොහැකි වන ලෙස මැතිවරණ කොමිසම ඔහු නුසුදුස්සකු ලෙස ප්‍රකාශයට පත්කර තිබිණි.

මේ වසර මුලදී පැවති ජනපතිවරණයේ දී ව්ලැදිමීර් පුටින්ට අභියෝග කළ හැකි එකම පුද්ගලයා ලෙස ඔහු සැළකිණි. 

(28535)