තම මව සහ පෙම්වතියගේ උදව්වෙන් ප්රාන්ත රැඳවුම් මධ්‍යස්ථානයකින් පලා ගිය බව කියන රැඳවියෙකු ටෙක්සාස් හි බලධාරීන් විසින් අත්අඩංගුවට ඇත.
ජේ ස්කොට්(47) නමැති ඔහු ඇමෙරිකාවේ ඩලාස් නගරයේ සිට සැතපුම් 60 ක් පමණ දුරින් පිහිටි වෑන් සැනට් කවුන්ටි රැඳවුම් මධ්යස්ථානයෙන් මෙලෙස පලා ගොස් තිබේ.
ඔහු ආයුධ සන්නද්ධ භයානක පුද්ගලයෙකු බවට එරට මාධ්‍ය වාර්තා කළේය.
ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ භයානක ගිනි අවි ළඟ තබා ගැනීමේ වරද මතය.
සන්නද්ධ බැංකු මංකොල්ලයක් හා විවිධ මත්ද්රව්ය චෝදනා ඔහුට එල්ල වී තිබේ.
පලායාමට උදව් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ මව සහ පෙම්වතිය ද අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd