
පැරිස් අගනුවර ලූව්ර කෞතුකාගාරයෙන් සොරකම් කළ ප්‍රංශ රාජකීය ආභරණ යළි කිසි දිනෙක ප්‍රංශයට නොලැබෙනු ඇතැයි විශේෂඥයෝ පවසති.
සොරකමට සම්බන්ධ කිසිවකු මේ වනවිට අල්ලා ගැනීමට නොහැකි වී ඇතැයි ද පැවැසෙයි. සොරකමට සිවු දෙනකු හෝ තිදෙනකු සම්බන්ධ වී ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
පොලිසිය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. සොරුන් අල්ලා ගැනීමට හැකිවනු ඇති නමුත්, සොරකම් කළ ආභරණ යළි සොයා ගැනීමට හැකිවේවි ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව පොලිසියේ අදහසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd