
පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ දියණිය 44 හැවිරිදි සාරා ඩුටර්ටේ කාර්පියෝ පිලිපීන නව උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන්නාය.
පිලිපීනයේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතව සිටින ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ජූනියර් හෙවත් ‘බොන්ග්බොන්ග්’ ද රොද්‍රිගෝ ඩුටර්ටේගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී සිටියේය.
‘බොන්ග්බොන්ග්’ පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනැන්ඩ්ගේ පුත්‍රයාය.
පිලිපීන උප ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කි. සාරා ඩුටර්ටේ එළඹෙන 30 වැනිදා නිල වශයෙන් උප ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව ද පැවැසෙයි.
පිලිපීනය ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා වෙන් වෙන්ව තෝරා ගනී. ඉකුත් මැයි මස පැවති මැතිවරණයේදී ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ජූනියර් සහ සාරා ඩුටර්ටේ ප්‍රබල සන්ධානයක් ගොඩ නගා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ.
ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ජූනියර් හෙවත් ‘බොන්ග්බොන්ග්’ එළඹෙන 30 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd