ටිබෙටයෙන් පැමිණි යැයි සැලකිය හැකි භික්ෂූන් පිරිසකි. ඒ හිමිවරු විවිධ වර්ණයන්ගෙන් යුත් වැලි කැට මේසයක් මත රටාවකට තබති.
ඔවුන් මේ කාර්යයේ යෙදෙන්නේ පෙර දිනයේ සිටය.දැනටමත් ඔවුන් පැය 30 කට ආසන්න කාලයක් මේ සදහා ගතකර ඇත.
වැලි කැට ඉතා සියුම් ලෙස තැන් තැන්හි රැඳීවීමෙන් තැනුණු ඉතා අලංකාර මෝස්තරයක් මේසය මතය.
පැමිණ සිටින ගිහියෝ එය ආශාවෙන් නරඹති.මෙවන් අලංකාර දෙයක් දැක නැතැයි කියති.
එය නිර්මාණය කළ භික්ෂූන් පිරිස යළිත් ඉදිරියට පැමිණෙති. පැය 30 කටත් වඩා කාලයක් වෙහෙසවී නිර්මානය කළ තමන් මෙන්ම අනුන්ද සතුටින් සැනසූ එම අලංකාර මෝස්තරයේ ඇති වැලි ඒ මේ අත විසිරුවා දමා එය විනාශ කර දමති.ගිහියෝ මෙදෙස බලා සිටින්නේ විමතියෙන් අයා ගත් දෙනෙත් ඇතිවය.
අනතුරුව නායක හිමියෝ තැන ඉදිරියට වඩිති. මේ දේ කළේ සියලූ දේ අනිත්‍ය බව පෙන්වා දීමට යැයි උන්වහන්සේ කියති.
සියලූ දේ අනිත්‍ය යැයි පරම සත්‍ය ගිහියන්ට මෙන්ම පැවිද්දන්ටද පසක් කිරීමට මෙම අපූරු උපක්‍රමය යොදාගන්නා භික්ෂූ පිරිස සිටින්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේය. එහි පිහිටා ඇති ‘ඩ්‍රෙපුනග් ලොසෙලින්ග්‘ ආශ්‍රමය ඔවුන්ගේ නිවහන වේ. ඔවුහු තමන් ‘ටිඛෙට් ගුප්ත කලා කණ්ඩායම‘ ලෙස හදුන්වා ගනිමින් සංචාරයේ යෙදෙති.
මෙම වැලිවලින් තැනෙන රටා හැදින්වෙන්නේ ‘මණ්ඩා‘ ලෙසය.මෙය ඔවුන්ටම ආවේණික වූ කලාවකි.මේසයක් මත දළ වශයෙන් රටාව පිහිටිය යුත්තේ කෙසේදැයි ඇඳගත් පසු ඔවුන් ‘චක් පර්‘ නම් මෙවලමක් ආධාරයෙන් සියුම් ලෙස ඒ මත විවිධ වර්ණයන්ගෙන් යුත් වැලි කැට අතුරා මෝස්තරය මවයි.
මෝස්තරය නිම කැර එය වහා විනාශ කර දමයි.
‘මෝස්තරය නිර්මාණය කිරීමත් අභියෝගයක්.මොකද ‘චක් පර්‘ උපාංගය භාවිතා කරන්න ඕනේ සංයමයෙන්.අනෙක මෝස්තරය නිර්මාණය කරනකොට තමන් සමග වැඩකටයුතු කරනා අනෙක් භික්ෂූනුත් සමග සහයෝගෙයෙන් කටයුතු කිරීමටත් දැනගෙන සිටින්නට ඕනේ‘ යැයි පවසන්නේ එක් භික්ෂුවකි.
‘අවසානයේ එය විනාශ කර දැමෙනවා.මෙයින් වැදගත් පණිවුඩයක් අපට මෙන්ම ගිහියන්ටත් ලැඛෙනවා.මොකද අප කොහොම සිතා සිටියත් අපගේ කය ඇතුලූ සියලූ දේවල් කල් ඉකුත්වෙන දවසක් පැමිණෙනවා.කිසිම දෙයක් සදාකාලික නැහැ.ඒක අවබෝධ කරගෙන වැඩකටයුතු කිරීම හිතට සැනසීමක්‘ උන්වහන්සේ කියන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් පිස්සු තියෙන අයට අනිත් අය පේන්නෙත් පිස්සෝ වගේලුනේ.සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි. බුදු දහමේ සත්‍යය එයයි (දී)
ප්‍රයෝගිකව තමයි මේ දේවල් ඉගෙන ගන්න ලේසිම (දී)
මෙයාලට භාවනා කරලා වැඩිවෙලා වෙලාවකට පිස්සු හැදිලා වගෙයි (ස)
මේ පාඩම බලන්න මටත් හරිම ආසයි (දී)
හොද ආදර්ශමත් කලාවක් "මැනඩලා" මානසික රෝගීන් සදහා ද බාවිතා කරයි මෙයින් තන්හා ආෂා දුරුවේ.(නදී)
මේවාට සංස්කෘතයෙන් කියන්නේ මණ්ඩල කියලා. සිත මනාව පිහිටුවා සංයමයෙන් කළ යුතු නිර්මාණයකි. මණ්ඩල නිර්මාණය නැරඹීමට පහත දැක්වෙන ලින්ක් එක ක්ලික් කරන්න. http://www.youtube.com/watch?v=GA3su0ECdPc (ස)
සියල්ලම නැති වුණත් විධායක ජනාධිපතිකම නැති වෙන්නේ නැහැ. (නි)
උප්පාද වය ධම්මිනෝ. ඇති වන්නේ නැතිවීමටය. (නි)
සබ්බේ සංඛාරා අනිත්‍යා... (නි)
හේමන්ත, ඔබට ස්තුතියි. යූටියුබ් ලින්ක් එක දැමීමෙන් ලිපියට ඔබ වටිනාකමක් එකතුකර ඇත. (නි)
කුමාර්, ඔබත් නැතිවෙන සුළුයි. (ස)
කුමාර්,මම අවුරුදු දෙකක පමණ කාලයක සිට ඔබ දක්වන අදහස් කියවනවා.මට ඔබ ගැන හොඳට මතකයි. බුදු දහමට සම්බන්ධ මොන දෙයක් මෙතන පළ වුණත්, එයට ඔබ දමන අදහස,ගැරහිලි අදහසක් වීම අනිවාර්යයි.අනිකුත් ආගම් වලට ගැරහීමෙන් වළකින්න.එය වසලයන්ගේ වසල ගතියකි.විහින් වසලයකු නොවන්න. (නි)