ලෝක ගෝලයේ අධික උෂ්ණත්වය වෙනස්වීම හේතු කොට වර්තමානයේදී ලෝක ජල සංචිතයේද බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවති. එහි ප‍්‍රතිපලයක් ලෙස අප‍්‍රිකාවේ බොහෝ රටවල ජල සම්පත අහිමි වෙමින් බීමට වතුර පොදක් සොයා ගැනීම පවා දුෂ්කර කාර්යයක් බවට පත්වෙමින් තිබේ.
වර්තමාන ලෝකයේ මිරිදිය ජල සම්පත හිමි රටවල් අතර මුල්තැන රුසියාවට අයත් සයිබිරියාවට හිමිවේ. නැගෙනහිර සයිබීරියාවට හා මොන්ගෝලියා දකුණු දේශ සීමාවන්ට ආසන්නව එහි පිහිටා ඇති අයිස් මිදුණු කඳු ගැට වලින් වටවූ බයිකල් විල ලෝව ලොකුම මිරිදිය විලයි. වර්ග කිලෝ මීටර් 23,000ක ජල ධාරිතාවක් ඇති මෙම විලේ ජල ධාරිතාව, පෘථිවියේ දැනට ඇති ජලය ප‍්‍රමාණයෙන් සියයට පහලොවකි (15%) වර්ග කිලෝමීටර් 31,000ක විශාලත්වයකින් යුතු බයිකල් විලේ ගැඹුර මීටර් 1637කි. ගංඟා, ඇළ දොළ 336 ක් මෙම විලට ගලා බසී. දිග කිලෝ මීටර් 636 කි. පළල කිලෝ මීටර් 80 කි. මෙම විලෙහි විශාලත්වය ශ්‍රීලංකාවේ භූමි ප‍්‍රමාණයෙන් හරි අඩකට ආසන්න වර්ග ප‍්‍රමාණයකට සමානවේ.විල පිහිටා ඇති සයිබීරියාවේ පවතින ඍන උෂ්ණත්වය හේතු කොට අයිස් මිදීම හා එයින් පිරිසිදු ජලය එකතු වන බැවින් සූර්ය එළිය ඇති විට මීටර් 40ක ගැඹුර ඉහළ සිට දැකබලා ගැනීමට හැකියාව ඇත්තේය . සීත ඍතුවේදි ඍන 13
(-13) දක්වාත් සරත් ඍතුවේදි ධන 13 ලෙසත් මෙම විල අවට උෂ්ණත්ව පවතී.
විශේෂයෙන් කරදිය මුහුදේ ජීවත් වන දිය ගොඩ දෙකේම ජීවත්විය හැකි විශාල තෙල් මන්දක් හා වටිනා ලෝම ඇති මත්ස්‍ය වර්ගයක් වන මුහුදු වලස්සු එහි සිටිති. බයිකල් විල මෙම මත්ස්‍ය වර්ගය ජීවත් වන ලෝකයේ ඇති එකම මිරිදිය ජලාශය ලෙස සැලකේ. විවිධ ජලජ සතුන් වර්ග ජීවත් වන බ්‍යිකල් විල ජාත්‍යයන්තර යුනෙස්කෝ ආයතනය විසින් ලෝකයේ වටිනාම සංරක්ෂන ස්ථානයක් ලෙසට 1996 දී නම් කර ඇත්තේය. බැයිකාල් විල සයිබීරියාවේ මුතු ඇටය ලෙස හැඳින්වෙයි.
2025 නොවැම්බර් මස 04
549
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1694
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සයිබීරියා මුතු ඇටය
බණ්ඩාර කුවේට් Thursday, 11 February 2016 08:32 AM
අපිට දැනුම දුන්නට ලංකාදීපයට ස්තුතියි. (ර)
අබේරත්න Wednesday, 10 February 2016 11:08 AM
දවසක ගිහින් බලන්න ඕනෑ...වාසනාව තිබුනොතින්.. ලස්සන දර්ශන..(බ)
අනිල් Wednesday, 10 February 2016 08:00 PM
ස්තූතියි සුනිල්! (නි)
විජිත් Wednesday, 10 February 2016 11:31 AM
ඉතාම වටිනා, දැනුම් සම්භාරයක් අඩංගු ලිපියක්. සුනිල් ආනන්ද, බොහොමත්ම ස්තුතියි. (අ)
පර්සි ගුණවර්ධන Thursday, 11 February 2016 05:25 AM
බොහොම ස්තූතියි ! (බ)
ගාමිණී ස්විස් Wednesday, 10 February 2016 12:03 PM
සුනිල් ගේ අලුත් හෙළි කිරීමක්. හොඳ කතාවක් සිංහල පාඨකයන්ට දැනුම දෙන ඔහුට දිරිය ලැබේවා ! (බ)
පර්සි Thursday, 11 February 2016 05:26 AM
ස්තූතියි කතෘතුමනි! (නි)
ටෙනිසන් Sunday, 14 February 2016 11:04 PM
මෙවන් වැදගත් ලිපි තවත් පළකරන්න (නි)
ටානි Sunday, 14 February 2016 11:11 PM
හරිම සුන්දර තැනක් (නි)
ප්‍රියන්ත Saturday, 13 February 2016 10:41 AM
ලංකාදීප, ස්තුතියි ඔබට! (නි)
දිනේෂ් Wednesday, 10 February 2016 01:46 PM
ඇත්තටම (බ)
කවී Thursday, 11 February 2016 03:43 AM
බොහොම වටිනා ලිපියක් (නි)