ලෝක ගෝලයේ අධික උෂ්ණත්වය වෙනස්වීම හේතු කොට වර්තමානයේදී ලෝක ජල සංචිතයේද බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවති. එහි ප‍්‍රතිපලයක් ලෙස අප‍්‍රිකාවේ බොහෝ රටවල ජල සම්පත අහිමි වෙමින් බීමට වතුර පොදක් සොයා ගැනීම පවා දුෂ්කර කාර්යයක් බවට පත්වෙමින් තිබේ.

වර්තමාන ලෝකයේ මිරිදිය ජල සම්පත හිමි රටවල් අතර මුල්තැන රුසියාවට අයත් සයිබිරියාවට හිමිවේ. නැගෙනහිර සයිබීරියාවට හා මොන්ගෝලියා දකුණු දේශ සීමාවන්ට ආසන්නව එහි පිහිටා ඇති අයිස් මිදුණු කඳු ගැට වලින් වටවූ බයිකල් විල ලෝව ලොකුම මිරිදිය විලයි. වර්ග කිලෝ මීටර් 23,000ක ජල ධාරිතාවක් ඇති මෙම විලේ ජල ධාරිතාව, පෘථිවියේ දැනට ඇති ජලය ප‍්‍රමාණයෙන් සියයට පහලොවකි (15%) වර්ග කිලෝමීටර් 31,000ක විශාලත්වයකින් යුතු බයිකල් විලේ ගැඹුර මීටර් 1637කි. ගංඟා, ඇළ දොළ 336 ක් මෙම විලට ගලා බසී. දිග කිලෝ මීටර්  636 කි. පළල කිලෝ මීටර් 80 කි. මෙම විලෙහි විශාලත්වය ශ්‍රීලංකාවේ භූමි ප‍්‍රමාණයෙන් හරි අඩකට ආසන්න වර්ග ප‍්‍රමාණයකට සමානවේ.විල පිහිටා ඇති සයිබීරියාවේ පවතින ඍන උෂ්ණත්වය හේතු කොට අයිස් මිදීම හා එයින් පිරිසිදු ජලය එකතු වන බැවින් සූර්ය එළිය ඇති විට මීටර් 40ක ගැඹුර ඉහළ සිට දැකබලා ගැනීමට හැකියාව ඇත්තේය . සීත ඍතුවේදි ඍන 13

(-13) දක්වාත් සරත් ඍතුවේදි ධන 13 ලෙසත් මෙම විල අවට උෂ්ණත්ව පවතී.

විශේෂයෙන්  කරදිය මුහුදේ ජීවත් වන දිය ගොඩ දෙකේම ජීවත්විය හැකි විශාල තෙල් මන්දක් හා වටිනා ලෝම ඇති මත්ස්‍ය වර්ගයක් වන මුහුදු වලස්සු එහි සිටිති. බයිකල් විල මෙම මත්ස්‍ය වර්ගය ජීවත් වන ලෝකයේ ඇති එකම මිරිදිය ජලාශය ලෙස සැලකේ. විවිධ ජලජ සතුන් වර්ග ජීවත් වන බ්‍යිකල් විල ජාත්‍යයන්තර යුනෙස්කෝ ආයතනය විසින් ලෝකයේ වටිනාම සංරක්ෂන ස්ථානයක් ලෙසට 1996 දී නම් කර ඇත්තේය. බැයිකාල් විල සයිබීරියාවේ මුතු ඇටය ලෙස හැඳින්වෙයි.

lake_baikal_the_worlds[1] lake-baikal[1] lake-baikal-russia[1]  seals_on_the_stone[1]

Lake-Baikal-Summer[1]