IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සයිබර් ප්‍රහාරයකින් රටවල් 60කට බලපෑම්

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලොව පුරා රටවල් 60ක පමණ සමාගම් රැසක පරිගණක පද්ධති අඩපණ වී ඇතැයි වාර්තා වේ.

සයිබර් ප්‍රහාරයට යොදාගත් වයිරසය හේතුවෙන් මුම්බායි සිට ලොස් ඇන්ජලීස් දක්වා වරාය කටයුතුවලට බාධා එල්ල වී තිබෙන අතර ඕස්ට්‍රේලියාවේ චොක්ලට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ද වසා දැමීමට සිදුව තිබේ.  

මේ සතියේ එල්ල වූ සයිබර් ප්‍රහාරය සහ ඉකුත් මැයි මාසයේදී “වෝනාක්‍රයි” නමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයත් නිසා සිදු වූ මුළු ආර්ථික පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් යැයි සයිබර් ප්‍රහාර සහ එහි ආර්ථික පාඩුව විශ්ලේෂණය කරන ආයතනයක් වන “සියෙන්ස්”  ආයතනය පෙන්වාදෙයි.
සයිබර් ප්‍රහාරවල වර්ධනයක් සිදු ව ඇතැයි ද මෙම සයිබර් ප්‍රහාර හේතුවෙන් ඉතා වැදගත් පරිගණක පද්ධති ජාල තාවකාලිකව බැහැර වෙන බව ද එම සමාගම පෙන්වාදෙයි.

“පද්ධති බිඳ වැටුණාම සමාගම්වලට ආදායම් ජනනය කරන්න බැහැ. එය විශාල ප්‍රශ්නයක්” යැයි ආරක්ෂක මෘදුකාංග නිර්මාණය කරන සමාගමක් වන ‘ක්‍රවුඞ්ස්ට්‍රයික්’ සමාගමේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් කර්ට්ස් මහතා පැවැසීය.

සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානම වැඩි වීම නිසා කඩිනමින් ප්‍රකෘති තත්ත්වයට පත්විය හැකි පද්ධති සහ ජාලවල ඉතා හොඳ ආරක්ෂාවක් ලබාදීමේ අවශ්‍යතාවක් පැන නැගී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

‘ගෝල්ඩන්අයි’ හෝ ‘පෙත්ය’ යන නම්වලින් හඳුන්වන මෙම වයිරසය ව්‍යාපත්වීම ආරම්භ වූයේ අඟහරුවාදා (27) ය. යුක්රේනයෙන් ආරම්භ වූ මෙම වයිරසය එරට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයකට මෙන්ම රාජ්‍ය ආයතනවලට ද බලපෑවේය.

ඩෙන්මාර්කයේ නාවික කටයුතු සම්බන්ධ සමාගමක් වන ‘ඒ.පී. මොලර්-මාර්ස්ක්’ සමාගමේ නෞභාර සටහන් පද්ධතියේ වැඩ කටයුතු නවතා දැමීමට සිදු වූ අතර ඒ හේතුවෙන් එම සමාගම හා සම්බන්ධ වරායවල් 76ක කටයුතුවලට බාධා එල්ල විය.
පද්ධති ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට නම් ඩොලර් 300ක මුදලක් අවශ්‍ය බව සඳහන් කරමින් පණිවිඩයක් ද එවා ඇති අතර එය පසුගිය මැයි මාසයේ එල්ල වූ සයිබර් ප්‍රහාරයට සමාන බව ද පැවසේ.

යුක්රේනයේ කිව් නුවර ගුවන්තොටුපොළ, මහ බැංකුව සහ එරට බලශක්ති අමත්‍යාංශය ද සයිබර් ප්‍රහාරයෙන් අඩපණ වු බව වාර්තා විය. ඊට අමතරව ඉන්දියාවේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි නුවර භාණ්ඩ සැකැසුම් කන්ටේනර් අංගනවල කටයුතු පවා සයිබර් ප්‍රහාරය හේතුවෙන් අඩපණ විය.
සයිබර් ප්‍රහාරය සඳහා භාවිත කර තිබෙන වයිරසය ඉතා ශක්තිමත් වයිරසයක් යැයි ද නැති වූ දත්ත නැවත ආපසු ගැනීමට නොහැකි යැයි ද ඔවුහු පෙන්වාදෙති.

රොයිටර් 055



අදහස් (1)

සයිබර් ප්‍රහාරයකින් රටවල් 60කට බලපෑම්

sachith Friday, 30 June 2017 03:00 AM

මේ වගේ ප්‍රහාර ව්‍යාප්ත වෙන්නේ ගොඩක්ම පරිශීලකයන්ගේ නොසැලකිලිමත්කම නිසා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site