IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සයිබර් කප්පමෙක් පරිගණකයට පනී

ඉදිරි දින දෙක ඇතුළතදී එල්ල විය හැකි මහා පරිමාන සයිබර් ප්‍රහාරයක ලකුණු පෙනෙන්නට ඇති නිසා  වහ වහා තම තමන්ගේ ප්‍රති වෛරස මෘදුකාංග,පරිගණක මෙහෙයුම් පද්ධති හා වෙනත් මෘදුකාංග  යාවත් කාල කරගන්නැයි බ්‍රිතාන්‍යය ජාතික අපරාධ ඒජන්සිය අනතුරු අඟවයි.

දැනටමත් බ්‍රිතාන්‍යය ජාතිකයින් 15000 දෙනෙකුගේ පරිගණක වල ප්‍රහාරයේ ආරම්භක පියවරක් ලෙස මැල්වෙයා ගණයට අයත් පරිගණක වෛරසයක් පිහිටුවා ඇතැයිද ඒ ආධාරයෙන් සයිබර් අපරාධකරුවන්ට එම පරිගණක වල ඇති සියලූ තොරතුරු ලබා ගත හැකි යැයිද ඒජන්සිය පවසයි.

‘ගේම් ඕවර් සියුස්‘ ලෙස මෙම වෛරසය නම් කෙරී ඇත.

ප්‍රහාරයේ මහ මොළකරුවා ලෙස සැළකෙන්නේ ඉවාජෙනි මිකාලියෝවිච් බොගොචෙව් නම් රුසියන් ජාතිකයෙකි.ඔහු දැනට රුසියාවේ වාසය කරන බව සොයාගෙන ඇති අතර ඔහු  බ්‍රිතාන්‍යය වෙත ගෙන්වා ගැනීමට බලධාරීන් දරන උත්සාහය රුසියාවේ ඇතැම් නීති නිසා සාර්ථක නොවනු ඇතැයි පැවසේ.

ලෝකයේ සියලූ ආකාරයේ ජාතික ආරක්ෂක ඒකක  එකතුවී මෙම සයිබර් ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කරමින් සිටියි.

වෛරසය පරිගණක වෙත ආසාදනය වන්නේ විද්‍යුත් පණිවිඩ හා වෙබ් අඩවි ආශ්‍රයෙන් බව සොයාගෙන ඇති අතර නාදුනන වෙබ් අඩවි හා විද්‍යුත් පණීවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටින්න යැයි විශේෂඥයෝ උපදෙස් දෙති.

වෛරසයේ ප්‍රහාරයට ලක්වූ කිහිපදෙනෙක් සම්බන්ධ තොරතුරු දැනටමත් වාර්තා වී තිඛෙන අතර ඔවුන්ගේ පරිගණක වල තිබූ ඡායාරූප , පවුලේ තොරතුරු හා අවසානයේ බැංකු ගිණුම් තොරතුරු පවා තමන් අතට ලබාගෙන පරිගණකයේ මෘදුකාංග පද්ධතිය විනාශ කර ප්‍රහාරකයින් අවසානයේ සියල්ල තිබුණු තත්ත්වයට පත් කර දීමට විශාල ප්‍රමාණයේ මුදලක්ද ඉල්ලා සිටියේයැයි ඔවුහු කියති.

බ්‍රිතාන්‍යය ඉලක්ක කර ක්‍රියාත්මක වන්නක් මෙන් පෙනුනද ලෝකයටම මින් ඇති අවදානම සුලූ කොට තැකිය නොහැකි යැයි විශේෂඥයින්ගේ අදහසයි.



අදහස් (0)

සයිබර් කප්පමෙක් පරිගණකයට පනී

ජයා Friday, 06 June 2014 02:03 PM

බොහොම හොඳ වැඩක්. එංගලන්තෙට ඔහොම වෙන්න ඕනේ. ඇමෙරිකාවටත් එන්න ඕනේ ලෝකෙට කරන අපරාධ වලට. (ස)

:       0       0

රවීන්ද්‍ර Sunday, 08 June 2014 12:37 PM

ඔය වැරදි වැඩ කරන අය මෙහෙත් ඉන්නව ඒ අයට ඇමරිකාවන් පඩිත් ගෙවනවා..හොඳයි බොරුද මම කියන්නෙ. (දී)

:       0       0

සම්පත් ඩුබායි Saturday, 07 June 2014 06:31 PM

බ්‍රිතානයේ ඉන්න ඔබට බ්‍රිතානයේ හා ඇමෙරිකාවේ හොද විතරක් පෙනුනට අපිටනම් ඒ අය කරන හොද වගේම වැඩිපුර කරන නරක වැඩත් හොදට පේනවා. (අ)

:       0       0

සුනිල් Friday, 06 June 2014 04:38 PM

කාගේ කාගේ කිල්ලෝටවලත් හුණු ඕනි තරම් තියෙනවා. කාගේ කාගේ අල්මාරි වලත් ඇට සැකිලි තියෙනවා. (ස)

:       0       0

තිලක් Monday, 09 June 2014 09:15 AM

එහේ ගේම් ඕවර් සියුස් එනවා. මෙහේ අපේ අය ගහගන්නවා (නි)

:       0       0

සමන්ත Saturday, 07 June 2014 11:02 AM

වසරකට කොයි තරම් දුෂණ වෙනවද (දී)

:       0       0

සිතු Saturday, 07 June 2014 11:02 AM

ජයා, එත් දන්නවද තාමත් අපේ රටට ඇමරිකාවෙන් ආධාර ලබා දෙන බව?? (දී)

:       0       0

රමිස් Friday, 06 June 2014 11:02 AM

මේවා ඇමරිකාවේ වැඩ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 08 June 2014 06:47 AM

ඇත්තෙන්ම අපි පුරුදු වෙලා ඉන්නේ ඕනෑම දෙකට ඇමෙරිකාවට බනින්න නමුත් ඇමරිකාව කරන හොඳ යහපත් දෙකට කවදාවත් හොඳයි කියල කියන්න තරම් අපේ දිව නැවෙන්නේ නැහැ. (දී)

:       0       0

කමනි Sunday, 08 June 2014 06:59 AM

ජගත් කියන කතාව හරි. මේකෙ බලපෑම බ්‍රිතාන්‍යයට, ඇමෙරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම බව තේරුම් ගන්න සමහරුන්ට මොලයක් නැහැ! (දී)

:       0       0

කමනි Sunday, 08 June 2014 07:00 AM

ජගත් කියන කතාව හරි. මේකෙ බලපෑම බ්‍රිතාන්‍යයට, ඇමෙරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම බව තේරුම් ගන්න සමහරුන්ට මොලයක් නැහැ!(දී)

:       0       0

ජගත් බාලසූරිය Saturday, 07 June 2014 12:35 PM

ජයා. මෙවැනි කතා කියන්න එපා. ඔබ ලංකාවේ හෝ වෙන රටක හිටියත්, බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ලෝකයට කරන සේවාව අමතක කරන්න එපා. මම ඉන්නේ බ්‍රිතාන්‍ය තුල. මේ පණිවිඩය ඔබට දුන්නේ බ්‍රිතාන්‍ය. ඔබගේ පරිගණකයට වෛරස් අවහම මේ පහත් වචන පෙලේ තිබෙන වෛරී භාවය ඔබට තේරේවි. (අ)

:       0       0

බණ්ඩාර Friday, 06 June 2014 11:27 AM

ආ.. රුසියාව නෙමේද? (දී)

:       0       0

මොහාන් Monday, 09 June 2014 12:43 PM

ලංකාවේ මිනිසුන්ට කරදර මදිවාට ගමේ ප්‍රශ්න (දී)

:       0       0

වසීම් Tuesday, 10 June 2014 10:02 AM

අලි මදිවට කොටිත් එනවා . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site