IMG-LOGO

සයිප්‍රස් සංචාරය අවසන්: පාප්තුමන් ග්‍රීසියේ

සයිප්‍රස් සංචාරය අවසන් කරමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් තෙදින සංචාරයක් සඳහා ග්‍රීසිය බලා පැමිණියේය. අවසන් වරට පාප්තුමකු ග්‍රීසියේ සංචාරයකට පැමිණියේ මීට දශක දෙකකට පෙර යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

මේ වනවිට, ග්‍රීසිය ඇතුළු යුරෝපා රටවල් සිය දේශසීමා පාලන ප්‍රතිපත්ති දැඩි කිරීමට පියවර ගෙන තිබේ. ඒ, අනවසර සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමටය. සංක්‍රමණිකයන්ගේ දුක්ඛිත තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීම ශුද්ධෝත්තම පාප්තුමන්ගේ මෙම සංචාරයේ අරමුණ වෙයි. මැදපෙරදිග රටවල ප්‍රචණ්ඩ ක්‍රියා, දේශපාලනික අර්බුද, ආර්ථික අර්බුද, සිවිල් යුද ගැටුම් ආදිය හේතුවෙන් එම රටවලින් පලා යන පිරිස්, බෝට්ටු මාර්ග ඔස්සේ පැමිණෙන්නේ ග්‍රීසියටය.

ඊට අමතරව, කතෝලික සහ ඕතඩොක්ස් පල්ලි අතරේ පවතින සබඳතා වර්ධනය කර ගැනීමට පාප්තුමන් බලාපොරොත්තු වෙයි. 1054 වසරේ දී, ක්‍රිස්තියානි ධර්මය බෙදීමකට ලක්වූයේ රෝමානු කතෝලික සහ නැගෙනහිර ඕතඩොක්ස් පල්ලි අතරේය. සියවස් ගණනාවක් පුරා පවතින එම බෙදීම අදත් දකින්න ලැබේ. කතෝලික පල්ලිය සහ ඕතඩොක්ස් පල්ලිය අතරේ සබඳතා වර්ධනය කර ගැනීමට පාප්තුමන් ඇතන්ස් සංචාරයේ දී කටයුතු කරනු ඇතැයි වතිකානය කල්තියා පවසා තිබුණි.

2001 වසරේ දී, දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් ග්‍රීසියේ සංචාරයක නියැලුණි. පාප්තුමකු වසර 1,200 කින් පසු ග්‍රීසියට පැමිණි පළමු අවස්ථාව ලෙස එය සැලකෙයි. ෆ්‍රැන්සිස් පාප්තුමන් ග්‍රීසිය බලා ගියේ ඉන්පසුවය. ඒ අනුව පාප්තුමකු ග්‍රීසියට පැමිණියේ වසර 20 කට පසුව යැයි පැවැසෙයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සිදුවුණු බව පැවැසෙන ග්‍රීසියේ ඇතන්ස් නුවරට පැමිණි පාප්තුමන් උණුසුම් ලෙස පිළිගැනීමට ග්‍රීක ජනපතිනිය සැකලෙනා සැකලෙරොපුලෝ කටයුතු කළාය. ඇතන්ස් අගනුවර සංචාරය අතරතුරේ පාප්තුමන්, ග්‍රීක දේශපාලන හා සංස්කෘතික නායකයන් හමුවේ දේශනයක් පැවැත්වීය. ග්‍රීක අග්‍රාමාත්‍යවරයා සහ පාප්තුමන් අතරේ ද කෙටි හමුවක් පැවැත්විණි.

නීතිවිරෝධී සංක්‍රමණිකයන් ප්‍රතික්ෂේප නොකරන්නැයි පාප්තුමන් එම දේශන අතරතුරේ ඉල්ලීමක් කළේය. පාරිසරික අර්බුද ගැනත් 'කොවිඩ් 19' ගෝලීය වසංගතය ගැනත් පාප්තුමන් සිය දේශනයේ දී අවධානය යොමු කළේය. අර්බුදවලට විසඳුම් සෙවිය යුත්තේ සියලු පාර්ශ්ව එක්වීමෙන් යැයි ද පාප්තුමන් අවධාරණය කළේය.

(රොයිටර්)



අදහස් (0)

සයිප්‍රස් සංචාරය අවසන්: පාප්තුමන් ග්‍රීසියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 518 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site