IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සීයාගේ අවමංගල්‍යයට හැරී කුමරු එනවා

පිලිප් කුමරුන්ගේ අවමංගල්‍ය උත්සවය සඳහා හැරී කුමරු සහභාගී වීමට නියමිත යැයි බකිංහැම් මාලිගයෙන් දැනගන්නට ලැබේ.

ඔප්රා වින්ෆ්‍රි සමඟ කළ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් පසු හැරී කුමරු බ්‍රිතාන්‍යයට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.

‘සසෙක්ස් හි ආදිපාදවරයා’ වන හැරී කුමරු සිය බිරිඳ මේගන් මර්කෙල් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ අතර එහිදි රාජකීය පවුල සම්බන්ධයෙන් මතභේදාත්මක කරුණු රැසක් අනාවරණය කළහ.

මේගන් මර්කෙල් මේ වනවිට ගර්භණී තත්ත්වයෙන් පසුවන අතර ඇයට මෙම අවස්ථාවට සහභාගී නොවන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

පිලිප් කුමරුන්ගේ පුත් වන චාල්ස් කුමරු ඇතුළු රාජකීය පවුලේ පිරිසක් අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිත ය.

අවමංගල්‍ය කටයුතුවලට අදාළව චාල්ස් කුමරු ඇතුළු පිරිස චාරිත්‍රානුකූලව දේහය පිටුපසින් ගමන් කිරීමට නියමිත ය. කෙසේ නමුත් මහ රැජින එම අවස්ථාවට සහභාගී නොවේ.

පිලිප් කුමරුන්ගේ අවමංගල්‍ය උත්සවය 30 දෙනකුට සීමා කර ඇති අතර ‘කොවිඩ්-19’ මාර්ගෝපදේශවලට අනුව සිදු කෙරේ.

ලන්ඩන්හිදීය (රොයිටර්ස්)



අදහස් (0)

සීයාගේ අවමංගල්‍යයට හැරී කුමරු එනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site