ඇමෙරිකාවේ අලෙවි කරන ලද සැම්සුන් රෙදි සෝදන යන්ත්‍ර පිපිරීමට ලක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නීති ආයතනයක් සැම්සුන් ආයතනයට විරුද්ධව නඩුවක්ද ගොනු කර ඇතැයි වාර්තා වෙයි.මෙම දෝෂය නිසා තුවාල හෝ දේපළ හානි සිදු විය හැකි බව එම ආයතනය පවසයි.
මිට දින කිහිපයකට පෙර සැම්සුන් නෝට් 7 දුරකථනයේ ද මෙවන් ම දෝෂයක් ඇති වූ අතර එම දුරකථනය මේ වන විට භාවිතයෙන් ඉවත් කරන ලෙස සැම්සුන් ආයතනය දැනුම් දී තිබේ.
2011 සිට 2016 දක්වා නිෂ්පාදනය කරන ලද රෙදි සෝදන යන්ත්‍ර මෙම දෝෂය සහිත බව ඔවුහු පවසති.මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති අතර සමහර පැමිණිලි මිලදී ගත් දිනයේම ලැබී ඇත.ඊට අමතරව මිලදීගෙන අවුරුදු ගණනකට පසුවත් පිපිරීම් ඇති වී ඇතැයි පැමිණිලි ලැබී ඇත.මෙම දෝෂය සහිත යන්ත්‍රය අධික ලෙස දෙදරීමට ලක් වන බව ද සදහන් වේ
මේ අතර ඇපල් අයිෆෝන් 7 දුරකථනයක් පාරිභෝගිකයෙකු වෙත ප්‍රවාහනය කරමින් තිබියදී පුපුරාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එය ප්‍රවාහනයේදී සිදුවු දොෂයක් නිසා පුපුරා ගිය බව පෙනෙන්නට ඇති බව වාර්තා වෙයි.
මෙම පුවත ඉතා ශීඝ්‍රයෙන් ලොව පුරා පැතිරී යන අතර සැම්සුන් නෝට් 7 දුරකථනය මෙන් දෝෂයක් ඇතැයි සිතා බොහෝ පාරිභොගිකයින් බිය වී ඇති බව විදෙස් මාධ්‍ය කියයි. එසේ දෝෂයක් නොමැති බවත් මීට අමතරව කිසිම පැමිණිල්ලක් මේ වනතෙක් ලැබී නැති බවත් බලධාරීහූ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැම්සුන් වලට නරක දසාවක් ලබලා වගේ. ? (ර)
මේ ප්‍රශ්නයට වොෂින් මැෂින් රීකෝල් කරන්න පටන් අරන් දැන් වසර දෙකතුනක් වෙනවා . දැන දැනත් ප්‍රශ්නකාරී යන්ත්‍ර නිපදවා වෙළඳ පොලට යැවූ නිසා මේ ප්‍රශ්නය තව කලකට ඉවර වෙන්නේ නැහැ (බ)