ප‍්‍රංශයේ ශ්‍රී ලාංකික දරුවන්ගේ කුසලතා අගයමින් තෑගි බෙදා දුන් උත්සවයක් පසුගියදා පැරීසියේදි පැවැත්විණි. පැරීසියේ දහම් පාසල් හා සිංහල පාසල් වල දරු දැරියෝ එහි වුහ. චිත‍්‍ර තරඟ, රචනා, කවි ගායනා, කථික තරඟ, ගීත ගායනා ආදි කුසලතාවලින් වේදිකාව ආලෝකව විය. පැරීසියේ එතෙර අපි නම් සංවිධානය විසින් සංවිධානය කැරුණු මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස (කෝප්) රාජ්‍ය ව්‍යවසාය පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති , ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාය. පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතාද ඊට එක් වුහ.
ප‍්‍රශ්නය: යුරෝපා සංචාරයේ අරමුණ කුමක්ද?
පිළිතුර - ප්‍රධාන වශයෙන් අරමුණු දෙකයි. අපේ පක්ෂයේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීම වර්තමාන ශ්‍රීලංකාවේ දේශපාලනය හා රටේ අනාගතය පිළිබද ජනතාව දැනුවත් කිරීම ප‍්‍රධාන වෙනවා. ඒ අතරම විදේශයන්හී එතෙර අපි සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවා තිබෙනවා. එම සංවිධානයේ සභාපති මමයි. එයින් අපි සංස්කෘතික, අධ්‍යාපනික, කලාව ආදි කටයුතු සිදු කරනවා. ප‍්‍රංශයේ එතෙර අපි සංවිධානය විසින් පසුගිය අප්‍රේල් 23 වැනි දා පැරීසියේදි එහි ප‍්‍රථම මංගල උත්සවය පැවැත්විණි.
ප‍්‍රශ්නය: ශ්‍රීලංකා දේශපාලන සමාජයේ විශේෂ කතා බහට ලක්වූ පාර්ලිමේන්තු කෝප් කමිටුවේ වර්තමාන සභාපති ඔබයි. එහි ක‍්‍රියාකරිත්වය හා අවසාන ප‍්‍රතිපලය විස්තර කරන්න.
පිළිතුර: ශ්‍රීලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව භාණ්ඩාගාරයට ලැබෙන මහජන බදු මුදලේ සම්පූර්ණ පාලන බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ඒ අනුව මහජනයාගෙන් භාණ්ඩාගාරයට ලැබෙන මුදල් යම් රාජ්‍ය ව්‍යාපාරයකට යොදවා ඇත්නම් එහි ප‍්‍රතිලාභ මහජනයාට ලැබෙනවාද නැද්ද යන්න පරික්ෂා කර බැලීමට යම් යාන්ත‍්‍රණයක් ගොඩ නඟා තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ පොදු කාරක සභාව නොහොත් කවුරුත් දන්නා කෝප් කමිටුව ලෙස හඳුන්වනවා. එහි සියලූම පක්ෂ මන්ත‍්‍රීවරුන් මෙම කමිටුව නියෝජනය කරනවා. මම එහි සභාපති. සංස්ථා, අධිකාරී, මුල්‍ය ආයතන, බැංකු, මණ්ඩල ආදි ලෙස ආයතන 427 ක් ගැන අපි හොයනවා. මෙම ආයතනවල වර්තමාන තත්වය හා කාර්ය සාධනය පිළිබඳ සොයා බලා පරීක්ෂා කර බැලීමට බලය තිබෙනවා. කවුරුත් හිතන්නේ මේක හොරුන් අල්ලන ආයතන තිබෙනවා. පොලීසිය, අධිකරණය, අල්ලස් දුෂණ කොමිසම, මුල්‍ය අපරාධ කොමිසම ආදි ආයතන තිබෙනවා. අපි හොරු අල්ලන්න යන්නෙ නැහැ.
අපේ යාන්ත‍්‍රණය හොරුන් අහුවෙනවා. මෙම ආයතනවල වංචා, දුෂණ, හොරකම්, නාස්තිය නවත්වන ක‍්‍රමවේදයක් සකස් විය යුතුයි. පසුගිය කාලේ එහෙම දෙයක් සිදුවී නැහැ.
පසුගිය කාලේ සිදුවුණේ විගනකාධිපතිගේ වාර්තා ඉදිරිපත් කිරිමයි. ඒක හරිද වැරදිද බලනවා. එච්චරයි. එයින් ඉදිරියට ගිය ක‍්‍රියා මාර්ගයක් නැහැ. නමුත් දැන් එම ආයතනවල වර්තමාන තත්වය පිළිබඳවත් සොයා බලා කටයුතු කිරීමටද තීරණය කොට ඒ සඳහා පියවර ගෙන තිබෙනවා. එයට හොඳම උදාහරණය ලංකා විදුලි බල මණ්ඩලය. එහි තිබුන දුෂණ, නාස්තිය හොරකම්, වංචා, වගකිව යුත්තෝ සියලූ දෙනා ගැනම සත්‍ය මුළු රටම දන්නවා. මේ සඳහා කෝප් කමිටුව විශාල දායකත්වයක් සපයලා තිබෙනවා. ඊට අමතරව ශ්‍රීලන්කන් ගුවන් සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, තෙල් සංස්ථාව, ලංකා පුත‍්‍ර බැංකුව යන ආයතන වල වාර්තා මැයි මාසේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. කෘෂි රක්ෂණ මණ්ඩලය, ලංකා පුත‍්‍ර බැංකුව යන ආයතන වල ඉන්න සභාපතිවරු තනතුරට නොසුදුස්සෝ බැවින් ඔවුන් ඉවත් කිරීමට අපි නිර්දේශ කර තිබෙනවා. අපේ නිර්දේශ මහ බැංකුවත් පිළිගෙන තිබෙනවා. මෙම ආයතන තනිකරම හොරකමට පුරුදු වෙච්ච ස්ථාන. හොරකම් කිරීමට ඇති ඉඩකඩ නැති කරන්න ඕනෑ. ඒ සදහා සුදුසු ක‍්‍රමවේදයන් සකස් විය යුතුයි. එම ආයතන ගැන පසු විපරමක් නියාමනයක් සිදුවිය යුතුයි. පසුගිය කාලේ එවැනි දෙයක් සිදුකරනවා තියා හිතලවත් නැහැ. එබැවින් ඒ සදහා අවශ්‍යය නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඉදිරියේදි කෝප් කමිටුවේ වාර්තා මාධ්‍යයට නිකුත් කිරීමටද අවශ්‍යය පියවර ගනිමින් ඉන්නවා. රටේ මුල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුව සතු වගකීම නිවැරදි ලෙස ඉෂ්ඨ කිරීමට මේ දක්වා හැකිවූ බවට අපට සතුටක් තිබෙනවා. මහජනතාව විසින් අපට අවශ්‍යය තොරතුරු සපයමින් මෙම කටයුත්තට සහය දීම ගැන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී කෙනෙක් ලෙස මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.
ප‍්‍රශ්නය: විමල් වීරවංශ,නන්දන ගුණතිලක , කුමාර් ගුණරත්නම්, සෝමවංශ අමරසිංහ ආදී ප්‍රබලයන් පක්ෂයෙන් පිට වෙනවා. සමහර අය හිටපු ජනාධිපතිගේ දේශපාලනයට පණ පොවනවා. මෙහෙම වුනේ ඇයි?
පිළිතුර: ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වෙන ග‍්‍රහලෝකයක තියෙන පක්ෂයක් නොවේ. එවැනි පක්ෂයක් බිහිවෙලා තියෙන්නේ මේ පෘතුවියේ ශ්‍රීලංකාව නැමැති රටේ මේ පවතින ක‍්‍රමය තුල ජීවත් වන එකම පෙකැනිවැල කපා ගෙන පැමිණි පිරිසක් ඉන්න සමාජයක බව අමතක කරන්න එපා. අනෙක් සැවොම මෙන්ම මමත් එසේමයි. ජනතා විමුක්ති පෙරමුණ කියන මහ පක්ෂයට පුද්ගලයා වැදගත් වන්නේ යම් සීමාවකට පමණයි. සමහර පක්ෂ තීරණය වන්නේ එම පක්ෂයේ නායකයා මත. එම පක්ෂ ගොඩ නැගිලා තියෙන්නේ පුද්ගලයා මත. අතීතය විපරම් කලොත් එය පැහැදිලි වෙනවා. නමුත් අපේ පක්ෂයට පුද්ගලයා වැදගත් වන්නේ ඔහු පක්ෂය තුල සිටිනවා නම් පමණයි. යම් ප‍්‍රශ්නයක් තිබේ නම් විසඳගෙන ඉන්න පුළුවන්. එහෙම නොහැකි නම් පක්ෂයෙන් එළියට යන්නත් ඕනෑම කෙනෙකුට නිදහසක් මෙන්ම අයිතියක් තිබෙනවා. අපි විශ්වාස කරන්නේ ඔබ කල නම් සඳහන් පිරිස දේශපාලන වශයෙන් වැහැරිච්ච චරිත ලෙසයි. එහෙම අය අපේ පක්ෂය දාලා යනවා. විශේෂත්වය වන්නේ අපේ පක්ෂය තුල සිටීමයි. අනෙක් පක්ෂ වල වගේ අපේ පක්ෂයේ විශේෂ වරප‍්‍රසාද නැහැ. වාසි ප‍්‍රයෝජන නැහැ. ඉතාමත් දුෂ්කර කටයුත්තක්. නමුත් එය ඉටුකිරීමට හැකිකම තියෙද්දීත් ඔවුන් පක්ෂය හැරදා යනවා. ඒ වගේම නැවත අළුත් අය එනවා. ඒ වගේම පැරණි දේවල් ගැන සිතමින් අළුත් ලෝකයට පිවිසෙන්න බැහැ. අපි පැරණි විදියටම හිතමින් කටයුතු කරනවා නම් අලුත් විධියට හිතන අයට ඉඩ දීලා අපි අයින් වෙන්න ඕනේ. එහෙම අයින් වෙන්න බැරි උදවිය පරිණාමය විසින් අයින් කරනවා. ඔය සිදුවෙලා තිබෙන්නේ එයයි. ඔවුන්ට සුදුසු ජරා වලට ඔවුන් ගොස් තිබෙනවා. පැරණි නටඹුන් අපට වැදගත් නැහැ. ඔවුන් පිටව යාමෙන් අපට එක් යහපතක් සිදුවූවා. ඒ මොකක්ද? පක්ෂය ශුද්ධ පවිත‍්‍ර වුණා. පිරිසිදු නව මාවතකට පක්ෂය අවතීර්ණය වෙමින් නව ජවයකින් ඉදිරියට ගමන් කරනවා.
ප‍්‍රශ්නය: වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ කුමාර් ගුණරත්නම් මහතා අත් අඬංගුවට ගෙන රටින් පිටුවහල් කරනවා. 2015 ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂ සමයේම නැවත වරක් ශ්‍රීලංකාවට පැමිණෙනවා. දේශපාලනයේ නියැලෙනවා. ඉන් පසු අත්අඩංගුවට පත්වී සිර දඬුවම් ලබනවා. ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා අද දින පැරීසියෙත් උද්ඝෝෂණයක් පැවැත් වෙනවා. මෙම ක‍්‍රියාදාමය ඔබ දකින්නේ කෙසේද?
පිළිතුර: ඒක ඔවුන්ගේ පක්ෂයේ කටයුත්තක්. ඔවුන්ට ඒක කරන්න අයිතියක් තිබෙනවා. ඉන් එහා ඒ ගැන මට කියන්න දෙයක් නැහැ.
ප‍්‍රශ්නය: ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ හා පාර්ලිමේන්තුවේදි ලොකු කාර්ය භාරයක් ඔබ පක්ෂය කරනවා. වැඩ කරන නිර්ධන ජනතාව වෙනුවෙන් ඔබලා සටන් කරනවා. එවැනි පරිසරයක පසුගිය පැවැති අවසන් මැතිවරණ ප‍්‍රථිපල වලට අනුව ඔබලාගේ ඡුන්ද ප‍්‍රමාණය ලක්ෂ 6 කට ආසන්නයි. ප‍්‍රතිශතය සියයට හතරයි දශම ගණනකට සිමා වෙනවා. වංචා, දුෂණ, මිනීමැරුම්, හොරකම් සිර දඬුවම් චෝදනා ඇති අපේක්ෂකයන් සහිත පක්ෂ වලට සාපේක්ෂව එවැනි කිසිම චෝදනාවක් නොමැති ඔබ පක්ෂයට අඩු ඡුන්ද ප‍්‍රමාණයක් ලැබෙනවා. එසේ වන්නේ ඇයි?
පිළිතුර: පක්ෂයක ශක්තිය මනින්නේ ඡන්ද ගොඩ අනුව නොවේ. ඒ වගේම අපේ පක්ෂයේ ශක්තිය මනින්නේ ඔළුගෙඩි වලින් නොවේ. අපිත් අනෙක් අය මෙන් බොරු කිව්ව නම්, බොරු පොරොන්දු දුන්න නම් අපටත් ලොකු ජන්ද ප‍්‍රමාණයක් ශන්න තිබුණා. අපේ රටේ ඡන්දය තීරණය වන්නේ රැකියාවක් ගන්න, ළමයෙක් පාසලට දාගන්න, ප‍්‍රදේශයේ දේශපාලන බලවතා ගෙන් ලියුම් කෑල්ලක් ගන්න. හෝ වෙනත් වාසි බලාපොරොත්තුවෙන්. කිරීමට නොහැකි බොරු පොරොන්දු වලින් අපි ඡන්ද ඉල්ලලා නැහැ. එහෙම කලා නම් අපිටත් ලක්ෂ 15 විතර ගන්න තිබුණා. නමුත් බොරුවට රැවටිලා ඡන්දය දුන් ලක්ෂ පනහට වඩා සත්‍ය තේරුම් අරගෙන අපට ඡන්දය දුන් ලක්ෂ 4 ඊට වඩා ශක්තියක් තිබෙනවා. මේ පවතින ක‍්‍රමය යටතේ අපේ පක්ෂයේ ජනතාවාදි ගුණ ජනතාව අතරට ගෙන යෑමේදි විශාල අඩු පාඩු සිදුවෙලා තිබෙනවා. පක්ෂයක් ලෙස එය අපි පිළිගන්නවා. අපේ පණිවුඩය මීට වඩා ජනතාව අතරට ගෙන යන්න අවශ්‍යය වෙනවා. පසුගිය කාලේ අපේ පක්ෂයට සිදුවූ මර්දනය, කඩා වැටීම් යනාදිය නිසා යම් පසුබෑමක් සිදුවෙලා තිබෙනවා. එය අපි අවබෝධ කරගෙන ඉන්නවා. ඒ අනුව අප ඉදිරියට ක‍්‍රියාකාරි වෙනවා. නමුත් ඔළුගෙඩි වලින් හෝ ඡන්ද ප‍්‍රමාණයෙන් අපේ පක්ෂයේ ශක්තිය තක්සේරු නොකරන ලෙස අපි ජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.
ප‍්‍රශ්නය: ප‍්‍රංශය යනු රාජ්‍ය හා ආගම වෙන් වෙන්ව පවතින රටක්. ප‍්‍රංශයේ කාන්තාවකට ඇති ආරක්ෂාව පැය 24 ම පිරිත් ගයන ශ්‍රී ලංකාවේ කාන්තාවකට නොමැති බවට සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා. ශ්‍රීලංකාවේත් රාජ්‍ය හා ආගම දෙකක් ලෙස සලකන ව්‍යවස්ථා සංශෝධන කළ හැකියි නේද ? ලංකාවේ එය සිදුකළ හැකිද?
පිළිතුර: පැහැදිලිවම පුළුවන්. රාජ්‍යයේ කටයුතු හා ආගමික කටයුතු යනු දෙකක්. ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපි බලයට පැමිණියොත් රාජ්‍ය හා ආගම වෙන්කර ආගමික කටයුතු ඔවුන්ට නිදහසේ කරගෙන යෑමට ඉඩ දෙන අතරම රාජ්‍යයේ කටයුතු වලට අත පෙවීම නතර කරනවා. ඒක සිදුවිය යුත්තක්. ප‍්‍රංශය වගේ රටවල ඔබ කියන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදි නිදහස ලබා ගෙන තිබෙන්නේ අරගල තුලින්. ප‍්‍රංශ විප්ලවය හා ඉන් පසු සිදුවූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අරගලයෙන් මෙම රටවල් එම ජයග‍්‍රහණ ලබා තිබෙනවා. එවැනි දෙයක් අපේ රටවලත් සිදුවිය යුතුයි. අපේ රටවල් තවමත් පසුගාමි ආකල්ප තුළ ජීවත් වන රටවල්. එසේ වුවද ධනේෂ්වර සමාජයේ නැති ඉතා වටිනා ගුණ ධර්ම අපේ සමාජය තුල තිබෙනවා. මොන ප‍්‍රශ්න තිබුණත් අපේ මිනිස්සු හොඳට හිනාවෙලා අනෙකාට උදව් කරන ගරු කරන හොඳ සිරිත් අපට තිබෙනවා. ඒවා අපේ වටිනාකම්. මෙම රටවල තාක්ෂණය, දැනුම, විද්‍යාව, සංවර්ධනය, අපට අවශ්‍යය වෙනවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් මොවුන්ගේ මානසික රෝග, හුදෙකලාව, මානසික ඖෂධ අපට අවශ්‍යය නැහැ. ශ්‍රීලාංකික අනන්‍යතාවයක් අපට තිබෙනවා. එය රැක ගනිමින් ගුණ ධර්ම වර්ධනය කරමින් මානව ගුණාංඟ රැකගෙන ආර්ථික අතින් දියුණු වීමට උත්සහ කළ යුතුයි. පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා කියලා ගීයකුත් තිබෙනවා නේද? මේ රට පින් කෙතක් වන්නේ මම ඉහත සඳහන් අයුරට වැඩ කළොත් පමණයි.
ප‍්‍රශ්නය: ත‍්‍රස්තවාදින්ගේ ලොකු ඉලක්කයක් බවට පත්වී ඇති ලෝක බලවතෙකු වන ප‍්‍රංශයේ වර්තමාන ජනාධිපතිගේ ආරක්ෂාවට ඉන්නේ විශේෂ පොලිස් නිලධාරීන් 10 දෙනකු පමණය. මෝටර් සයිකල් 4යි කාර් දෙකයි ඉහත 10 දෙනා සමග ප‍්‍රංශ ජනාධිපතිට ආරක්ෂාව සපයයි. හිටපු ජනාධිපතිවරුන්ට එක් ආරක්ෂක නිලධාරියෙක් පමණක් ආරක්ෂාවට ලබාදී ඇත්තේය. එසේ නමුදු අන්ත දුප්පත් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිට ආරක්ෂාව සඳහා භටයන් 156 ක් ලබාදී තිබියදීත් එය ප‍්‍රමාණවත් නොවන බව කළ ප‍්‍රකාශ පසුගියදා මාධ්‍ය වාර්තා පළකර තිබුණි. මෙම වෙනස පැහැදිලි කරන්නේ කෙසේද?
පිළිතුර: ඔබ කියන ආකාරයට වර්තමාන ප‍්‍රංශ ජනාධිපතිගේ සැරසිලි වැඩ වලට කීදෙනෙක් ඉන්නවාද? කවුරුවත් නැහැනේ. වර්තමානයේ ලංකාවේ දේශපාලඥයන්ට එක ආරක්ෂක නිලධාරියක්වත් අවශ්‍යය නැති පරිසරයක් අද තිබෙනවා. එහෙනම් මොකටද මේ ආරක්ෂාව ඉල්ලන්නේ? මේ ඉල්ලන්නේ ආරක්ෂාවට නොවේ සැරසිල්ලට. බලය පෙන්වීමට. පිම්බීමට. තමන්ට බලය තිබෙන බව අනෙකාට පෙන්වීමට. පුතාට ක්ලබ් යෑමට ආරක්ෂාව. නෝනාට මාර්කට් යන්න ආරක්ෂාව. දුවට ඉස්කෝලේ යන්න ආරක්ෂාව. එහෙම සංස්කෘතියක්නේ අපේ රටේ තිබෙන්නේ. දැන් බලන්න අපට එහෙම ආරක්ෂාවක් නැහැ. අපිව ආරක්ෂා කරන්නේ රටේ ජනතාව. නමුත් ඔවුන්ට එය වලංගු නැහැ. ජනතාව රැවැටීම, ජනතාවට බොරු කීම, ජනතාවට කර ඇති වැරදි වැඩ නිසා ඔවුන් ජනතාවට බයයි. එහෙම වුණාම ඔවුන්ට ආරක්ෂාව අවශ්‍යය වෙනවා. අපිට එහෙම භයක් නැහැ. මම හිතන්නේ ප‍්‍රංශ ජනාධිපතිතුමාටත් එවැනි ජනතා භයක් නැතුව ඇති. එම නිසා ඔහුට ආරක්ෂාව අවශ්‍යය වෙන්නේ නැහැ.
ප‍්‍රශ්නය: මේතෙක් දුර පැමිණි ඔබතුමාගේ දේශපාලන දිවිය ගැන විස්තර කළ හැකිද?
පිළිතුර: එම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාපාර පරිපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රී, උප ඇමැතිවරයකු ලෙස කටයුතු කළා. පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හා පක්ෂයේ මුදල් ලේකම් ලෙසත් අවුරුදු 16 ක්ම වැටුප් නොලබන මන්ත‍්‍රී කෙනෙක් ලෙස සේවය කරමින් මගේ වැටුප පක්ෂය ඔස්සේ ජනතා සේවයට යොදවා තිබෙනවා. මට දරුවන් තිදෙනෙකු ඉන්නවා. මගේ බිරිඳ ගුරුවරියක්. ඇය දරුවන් රැක බලා ගන්නවා. ඔවුන් මගේ දේශපාලනයට සම්බන්ධ නැහැ. ජනතාව මා රැකගනිමින් ජීවත් කරවනවා.
![paris_meeting[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/paris_meeting1.jpg)
![paris_meeting_01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/paris_meeting_011.jpg)
![paris_meeting_02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/paris_meeting_021.jpg)
![paris_meeting_03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/paris_meeting_031.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඹබ වැනි මිනිසුන් රටට අවැශි යුගයක්. මෙවන් මහජන නියෝජිතයන් තමන්ගේ වගකීම උපරිම අයුරින් ඉටුකරන බව පෙනීයනවා (නි)
මෙතුමා වැනි දේශපාලන චරිත අද රටේ අවශ්‍යතාවයකි. ඉතා ඉක්මනින් ජනතා හදවත් දිනාගැනීමේ හැකියාව මෙතුමා සතුය. කෝප් කමිටුවේ මෙතුමාගේ ක්‍රියාකාරිත්වය ජ.වී. පෙරමුණ ගැන ජනතාවට යම් සුබදායක හැඟීමක් ලබාදීමට සමත් වී ඇත. ජයවේවා! (නි)
ජවිපෙ අද විජේවීරටත් නින්දාවක් වගෙයි මට දැනෙන්නේ. පක්ෂයේ ඉතුරුවෙලා ඉන්නේ කිහිප දෙනයි. (නි)
ශ්‍රියා මහත්මිය, ඕවා ගණන් ගන්න එපා. (නි)
සල්ගාදු, එංගලන්තය යුරෝපයට ආවට එංගලන්තයේ පවුම යුරෝපයේ මුදල් ඒකකයට එකතු කළේ නැහැ (නි)
නියමයි ජයවේවා ..!!! (ම)
ඉතා හොඳ සවිස්තරාත්මක ලිපියක් (නි)
සල්ගාදු මහතා ,මම පැවති ලෝක යුද්ධ ගැන දනිමි. ලංකාව වැනි පුංචි රටක, අවරුදු 30, ගානක් හැම ජාතියකම මිනිසුන් මරා දැමුවේ, ත්‍රස්තාවාදීන්. අවි බලයෙන් රට බෙදා වෙන්කර, වෙනම රටක් සැදීමේ උවමනාවට පමණි . (ර)
පැරිස් ඉන්න,හැම අයම නොවේ පන්සල් යන්නේ තමන්ගේ වැඩ නැති වෙලාවට කරන්න දෙයක් නැති නිසයි. එහි ඇති දේ කාබි කල්ලි බෙදී කිසිම එකමුතුවක් නැතුව, මම සියල්ල දත් අයමෙන් හැසිරෙයි (වැඩ කරන අය පැත්තක)මේවා දකින වයස දහයට වැඩි දරුවන් ලොකු අයගේ වැඩ නිසා,උවමනා වේලාවකටත් පන්සල් ඒමට කැමැති නැති තත්වයක් උදාවි ඇත . පන්සල පවත්වා ගැනීමට වඩා,තමාගේ ජම්ම පුරුදු ඉදිරියට ගෙනයාමයි,ඉතා කනගාටුයි...(බ)
සල්ගාදු පැරිස් මහතාගේ අදහසේ පිළිගත නොහැකි දෙයක් අපටනම් පෙනෙන්නට නැත. (ර)
සල්ගාදු මහතාගේ ලෝකය ගැන මම දනිමි.ලංකාව වගේ පුංචි රටක අවරුදු 30 ක හැම ජාතියක්ම මරා දැමුවේ දෙමල ත්‍රස්තවාදීන්. මිනිසුන් මරාදමා අවි බලයෙන් රට බෙදා වෙන් කරවෙනම රටක් සැදීමට පමණි.උතුරේ සිංහලයන් පන්නා දැමු පළාත් හැර,අනිත්සි පැතිවල සිංහලයන් එක සමානව ජිවත් වේ නම්,රට බෙදා ජාතින් වෙන් කරන්නේ කුමටද ? ප්‍රංශේ සියලු දෙනා ජිවත් විය යුත්තේ,ප්‍රංශ බස සහ එහි නීතිය යටතේ. (බ)
රොහාන් දයාදර නමින් ලියන අය මම හොඳින් දනිමි. ශ්‍රියා ප්‍රංශය කියා ලියන අයවත් හොඳින් දනිමි. සල්ගාදු කියූ කතාවට රොහාන් දයාදර ශ්‍රියා වෙනුවෙන් කඩේ යන හේතුවද දනිමි. ඕවා ඔහොම තමා. (නි)
පෙරේරාගේ කතාව හරියට හරි. (නි)
චන්දා, ඔබ හරි. පැරිස් ඉන්න සමහර අයට එයාලගේ ඇහේ තියෙන පොල්පරාලේ ගානක් නැහැ. අනුන්ගේ ඇහේ කුණුරොඩ්ඩ හොඳට පේනවා. බලන කට්ටියට ඔක්කොම පේනවා (නි)
චන්දා, හරියටම හරි. පැරිස් වල ඉන්න සමහර පණ්ඩිතයන්ට ඒදණ්ඩක තියා පන්සලකටවත් එකමුතුව යන්න බැහැ (නි)
ශ්‍රියා ප්‍රන්සේ ,මැතිනියනි , ඔබ කියනා දෙය ඔබටම වැටහෙද නොදනී , අවුරුදු 100 ක් ප්‍රන්සය එංගලන්තය සමග සටන් කරා , අද ඔවුන් එකිනෙකා ඇති විශාල මිත්‍රයන් , ලෝක යුද්ධ දෙක අවුරුදු 30 කට වැඩි කාලයක් , එහෙත් අද එම යුද්ධ කරගත් සියලුම රටවල් එක රටක් මෙන් මිතුරු පමණක් නොව එකම කලාපයක් එකම මුදල් ක්‍රමයක් බවිත කරන රටවල් වෙලා , අපි යුද්ද කරා කියල එම ජාතියට අගරු නිගරු කරමින් තවත් ජාති වාදී ආගම් වාදී ක්‍රියා කරන්නේ , අපි කවද මේවයින් මිදේද ? (ර)
සල්ගාදු මහත්තයෝ ශ්‍රියා මහත්මිය පැවසූ දේවල් සම්පුර්ණ ඇත්ත බොරුවට පැටලෙන්න යන්න එපා (බ)
සලගාදු මහතාගේ කතාව සියයට සියක් සත්‍යයි , සමහරුන්ට ජාතිවාදීව ආගම්වාදීව බැලුවම පිලිගැනිමට හෝ එහි වටිනා කමක් පෙන්නේ නෙහැ , පක්ෂ ග්‍රාහී නොවී ආගම් වාදී නොවී මධ්‍යස්ථව සිතන්න පුරුදුවන්න , කාටවත් ගැතී නොවී (බ)
මෙයා තමයි ඒදවස්වල කිව්වේ සෝමවංස අමරසිංහ තමයි අපේ වීරෝදාර නායකතුමා අපි එතුමාව දිවිහිමියෙන් ආරක්ෂා කරනවා කියල. අද මෙයා කොයි මුඛයෙන්ද කතා කරන්නේ? (බ)
උනුයි මුනුයි කව්රුත් එකයි, තමන්ට රිසි නැති එකා යසට කුණුවලට තල්ලු කරනවා, මිනිහත් කුණුවලක ඉදන්. (බ)
ප්රංශය සහ ලංකාව සමාන කළ නොහැක , ප්‍රංශයේ ජනාධිපතිට ජනප්‍රියත්වයක් දැන් නැත. ලංකාවේ වගේ අවුරුදු 30 ක දමිල ,සිංහලයන් මරපු ත්‍රස්තවාදයක් මෙහි නැත .ලංකාව් සාමය ඇත, සමාදානය ඇතිකරනු ,රාජ්‍ය හා ආගම වෙන්කිරීම, ගුණ ධර්ම වලින් වෙන්ව ප්‍රංශයේ සිටින සිංහල (ප්‍රංශකාරයෝ වෙන්න හදන)මානසික රෝග ඇති, හුදකලාවුන, රොබෝවරුන් වැනි මිනිසුන් වැඩිකිරීම (බ)
පාට පක්ෂ මට නැත මගේ මව සිංහල මම යන්නේ පන්සල්,මගේ පියාදෙමල මට දෙමල කතා කිරීමට පුළුවන්, ජාතිවාදීව ආගමවාදීව මට සිතන්නට පුළුවන්කමක් නැහැ. මිනිසුන් ගැන සිතා ලියු දෙය, වැරදි ඇසකින්, සිතකින් බලන්න එපා කරුණාවෙන් ඉල්ලමි . (ර)
ශ්රී ලංකාව් සිට මේතරම් දුර විත් ඔබේ අදහස් මෙහි සිටින මිනිසුන්ට කීමෙන් පලක් නැත. ලංකාව් යුද සටන් පැවති පළාත්වලට යන්න. (නි)
සේනක ඔය කතා කරන්නේ පුද්ගල ප්‍රතිරූප ගැන. මෙතුමා කතාකරන්නේ එක එක පුද්ගලයන් අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන එක ගැන. ඔහොම තමයි දේශපාලනයට වැඩිය බඩගෝස්තරය වටිනා සමාජයක සේනකලාගේ කතා (නි)
ඉතාම හොඳ ලිපියක් (නි)
සල්ගාදුගේ ඇසින් ආගම හා ජාතිවාදීන් දකින, ශ්‍රියා මහත්මිය හා පැටලුනු ජාතිවාදීන් දැන් කවුරුන්ද? සියල්ලදත් අය මෙන් කතා නොකරන්න (නි)
ශ්‍රියා ප්‍රංශය මහත්මිය ප්‍රංශය ගැන දැනීම අවමය කියායි සිතෙන්නේ. ප්‍රංශය පළමු සහ දෙවන ලෝක යුද්ධයෙන් මිලියන ගණනක් ජිවිත පිදූ රටක්. කිසිම ජනාධිපතිවරයකු ලංකාවේ මෙන් පවුල් බලය එම රටට ගෙනාවේ නැත. ආරක්ෂාවට සිය ගණන් හමුදාව හෝ ආරක්ෂක බටයන් නැත. ලංකාවේ ඇමති මණ්ඩලයෙන් පහෙන් එකකවත් ඇමති මණ්ඩලයක් නැත. වැරදි කරන කාටත් නීතිය එකය. කොටින්ම ලංකාවේ මෙන් බොරු සංදර්ශන කොහෙත්ම නැත (නි)