සෝමාලියා  අගනුවර පොලිස් අධ්‍යයන ආයතනය පිටත කාර් බෝම්බයක් පුපුරා යාමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු හා එක් සිවිල් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේගොඩිශු නගරයේ පොලිස් අධ්යයන ආයතනයක් අසල අවන්හලක් ආශ්‍රිතව මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන බවට සදහන්ය.

මෙම පිපිරීමේ වගකීම කිසිවෙක් මේ වන තෙක් භාරගෙන නොමැත.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම අල්-ශබාබ් ඇතුළුව ඉස්ලාමිය අන්තවාදීන් බාර ගත යුතු බව ඇතැම් මාධ්‍ය කියයි

අල්-ශබාබ් අප්‍රිකාව පුර ගරිල්ලා සටන් දියත් කරයි. පසු ගිය සෙනසුරාදා ඇමෙරිකාව විසින් ඉස්ලාමිය අන්තවාදීන්ගේ කදවුරකට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එයින් 150 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. ඉස්ලාමිය අන්තවාදීහු කෙන්යාවට ද නිතර ප්‍රහාර එල්ල කරති.