
මධ්‍යම සෝමාලියාවේ සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝම්බය පුපුරා ගියේ සෝමාලි දේශපාලනඥයන් පිරිසක් ආහාර ගනිමින් සිටි හෝටලයක් ඉදිරියේය.
ප්‍රහාරයෙන් හෝටලය සම්පුර්ණයෙන් විනාශ විය. මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනා සිවිල් වැසියන් යැයි පැවැසෙයි.
තුවාල ලැබූ ගණන 20 කි. ඔවුන්ගෙන් ද කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. බෝම්බය පුපුරා ගියේ බෙලෙද්වේන් නගරයේ හෝටලයක් ඉදිරියේය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd