සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ආසන්නයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 18 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

දුරස්ථ පාලකයක් මගින් බෝම්බය පුපුරවා ඇතැයි ද මියගිය වැඩි පිරිසක් සිවිල් වැසියන් බවද එරට පොලිසිය කියයි.

පසුගිය සතියේ ද සෝමාලියාවේ අගනුවර ආසන්නයේ හෝටලයකට අල් ෂබාබ් ත්‍රස්තයන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 15 දෙනෙක් මිය ගියහ.