සෝමාලියාවේ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ෂෙහාබ් ත්‍රස්ත කැරලිකරුවන් තිස් දෙනකු පමණ එරට දකුණු හා ඊසාන ප්‍රදේශවල ඇතිවූ ගැටුම්වලින් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
කෙන්යාවේ හමුදා සහ එරට බලධාරීන් පවසනුයේ දකුණු සෝමාලියාවේ ජුබා ප්‍රදේශයේ හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමට ආ කැරලිකරුවන් 19 දෙනකු මරා දැමූ බවයි.
කැරලිකරුවන් සතුව තිබූ තුවක්කු රැසක් ද කෙන්යා හමුදාව බාරයට ගෙන ඇත.
ඒ අතර සෝමාලියාවේ පන්ට්ලන්ත ප්‍රදේශයේ ඇතිවූ දරුණු ගැටුම්වලින් ෂෙහාබ් ත්‍රස්තයන් 11 දෙනකු මිය ගිය බවත් එරට ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd