සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ත්‍රස්ත ප්‍රහාරයකින් 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි. තුවාල ලැබූවන් ගණන 20ක් පමණ වෙතියි කියති.
අගනුවර ප්‍රධාන හෝටලයකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර එය අල්ෂබාබ් ත්‍රස්තයන්ගේ ප්‍රහාරයක් බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
බෝම්බ පිරවූ කාරයක් පුපුරුවා හැර ඇති ත්‍රස්තවාදීන් හෝටලයට කඩා වැදී එහි සිටි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇත. ප්‍රතිප්‍රහාරවලින් ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනකුද මියගොස් ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd