මගීන් 74 දෙනකු සමග අප්‍රිකාවේ ජිබුති බලා පියාසර කරමින් සිටි සෝමාලියාවට අයත් ගුවන්යානයක බෝම්බයක් පිපිරී බඳේ සිදුරක් සෑදී වයසක මිනිසකු එම සිදුරෙන් එළියට වැටී ඇතැයි එරට පොලිසිය කියයි.
ගුවන්යානය අඩි 14000ක් ඉහළින් පියාසර කරද්දී මේ පිපිරීම සිදුවී ඇත. ගුවන් නියමුවා ආරක්ෂා සහිතව මොගඩිෂු ගුවන්තොටට බැස්සූ බවත් මගීන් හා ගුවන් සේවකයන්ගේ ජීවිත බේරා ගත් බවත් කියති.
මගීහු දෙදෙනෙක් පමණක් සුළු තුවාල ලදහ. සිදුරෙන් එළියට විසිවූ මගියාගේ සිරුර සොයා ගැනිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජිත් හොඳ විස්තරයක් කරලා තියෙන්නේ. ස්තූතියි (නි)
විජිත් මේ ගැන ඔය ගොඩක් දේවල් දන්නවා වගේ පුළුවන් නම් මේ ගැන අපිට වැඩිපුර දැනගන්න ලින්ක් එකක් දානවද (බ)
ගුවන් යානයේ එන්ජිමේ ටර්බෝ ෆෑන් ආධාරයෙන් ගුවන් යානයේ "කැබින්" එක නිතරම පාලනය කරන ලද පීඩනයකට යටත්ව ඇති නිසා අපට බාහිරව ඔක්සිජන් ලබාගැනීම අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය මගීන් ගෙනයන ගුවන් යානයක් අඩි 35000 පමණ උඩිනුයි පියාසර කරන්නේ. ඒ කියන්නේ ඒ වනවිට යානයට පිටතින් අහසේ පීඩනය ඉතාමත්ම අඩුයි. නමුත් ගුවන් යානය තුළ පීඩනය ස්ථිරව පවත්වාගන්නවා. යානයේ සිදුරක් ඇතිවුණොත් කුමක්ද සිදුවෙන්නේ? අධික පීඩනය ඇති ගුවන් යානයේ ඇති වස්තූන් පීඩනය අඩු පිටත අවකාශයට වේගයෙන් තල්ලුවී යනවා. ඒ වගේමයි යානයෙන් පිටතට විසිවන ජල වාෂ්ප මොහොතින් අයිස් බවට පත්වෙනවා.මේ ගුවන් යානයේත් සිදුවෙලා තියෙන්නේත් ඒ සිද්ධියමයි. එකම එක අහිංසක මගියෙක් බාහිර අවකාශයට තල්ලුවී ගියා. අඩි 14000 වැනි උසකදී මේ අනතුර සිදුවීම නිසායි බොහෝ දෙනෙකුගේ ජිවිත බේරුනේ. මේ අය අඩි 35000 වැනි උසකින් ගියා නම්, මේ අනතුර ජිවිත සියල්ලේම අවසානය වෙන්නට ඉඩතිබුනා. (නි)
අවාසනාව තමයි (නි)
ඉනෝකා, නිශ්ශංක, මුදිතා ඇතුළු සැමටම ස්තුතියි. ඉඩක් ලද හැමවිටකම විද්‍යාව හා තාක්ෂණයට සම්බන්ධ කරුණු ඉතාම සරල ලෙස පැහැදිලි කරලා දෙන්නයි මම උත්සාහ කරන්නේ. ඒ උත්සාහය අගය කිරීම, මම අවංකවම අගයකොට සළකනවා. ඔයගොල්ලන්ට තාක්ෂණය හා සම්බන්ධ ගැටළු ඇත්නම් ,මේ පිටුවෙන්ම මගෙන් අහන්න අමතක කරන්න එපා. හැකි උපරිමයෙන් කියාදෙන්නම්. ඉතින් ආයෙත් දවසක අපිට අපි හමුවේවි කියා සිතනවා. (නි)
චානක, ස්තුතියි (නි)
ඉනෝකා, නිශ්ශංක, මුදිතා, ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක මේ පිටුවෙන්ම අපිට අපි හමුවේවි. (නි)
ගුවන් යානයක් යනු ඇත්තටම, වායු පීඩනය " හිලෑ " කරගෙන තමන්ගේ කාර්යය සිදුකරන යන්ත්‍රයකි. ගුවන් යානයක් ගුවන් ගතවූ විට, ටිකෙන් ටික මේ පීඩනය අඩුවීමට පටන් ගන්නවා.ගුවන්යානයක් පීඩනය රහිතව අඩි 12000 ට අාසන්න වුවිට අපිට බාහිරව ඔක්ෂිජන් ලබාගැනීමට සිදුවෙනවා.මෙන්න මේ නිසා ගුවන්යානය තුල පීඩනය පාලනය කිරීමට විශේෂිත ක්‍රමවේදයන් යොදා තිබෙනවා. කෙනෙක් පීඩනයට පත් නොකරන ලද යානයකින් අඩි 40 000 උසකට ආසන්න වුනොත් " සිහි නැති වෙනවා ", කෙසේ හෝ එයා අඩි 62 000 සීමාවට පීඩනය රහිතව ගියොත් " එයාගේ රුධිරය " නටන "තත්වයකට "පත්වෙනවා. ඒ කියන්නේ පීඩනය අඩුවූ විට තාපාංකය අඩුවීම නිසයි. පුදුමයි,එ්ත් ඇත්තයි (බ)
විජිත්, අර එළියට වීසිවුණ මඟියා බඳ පටිය පළදින්න නැතුව ඇති. ගුවන් යානය ඇතුළත පීඩනය හරිහැටි පාලනය නොවන විටදීයි සමහර වෙලාවට ඉහළට නැගීමේදී සහ පහළට බැසීමේදී කන් අගුළු වැටෙන්නේ (නි)
ඒක ඔහුගේ අවාසනාව! (නි)
අලුත් ගුවන්යානා තරමක් දුරට සැකිල්ල ශක්තිමත් ව සාදා තියෙන්නේ මෙවැනි දේවල් වලදී ඉක්මනින් ආරක්ෂාකාරී උසකට ගෙන ඒමට පුළුවන් වෙන ආකාරයටය. සැකිල්ලේ ප්‍රධාන කොටස් හානි නොවුණත් නියමුවාට පුළුවන් ඉක්මනින් පහළට ගෙනවිත් ගුවන් තොටට එන්න. (ම)
ඔයින් බේරුනා හොඳටම ඇති.(හේ)
මේ වගේ හොඳ දේට පාවිච්චි කරනවානම් කොතරම් අගේද
විජිත් මහතාගේ පැහැදිලි කිරීම් ඉතාමත් ආකර්ශනීයයි. බොහෝ කරුණු දැනගත්තා. ස්තුතියි ඔබට. ඉදිරියටත් අප දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (බ)
ගුවන් යානාවල ගුවන් තොටුපළවල ආරක්ෂාව මීට වඩා තර කළ යුතුයි (බ)
විජිත් හොඳ විස්තරයක් කරලා තියෙන්නේ (බ)
පුදුමයි කට්ටිය බේරුණා.(හේ)
අහන්නත් කණගාටුයි (නි)
සිදු වී ඇති අවාසනාවන්ත සිදුවීම ගැන දුකයි. ඒ වගේම විජිත්, ඔබගේ දැනුම සහ එය බෙදාගැනීම අගය කරමි. බොහොම ස්තුතියි! (නි)