IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ අවසන් රට

සමරිසියන්ට විවාහ වීම ඇතුළු සම අයිතිවාසිකම් ලබාදීමට ස්විට්සර්ලන්ත ජනතාව අනුමැතිය ලබා දුන්හ. ඒ සඳහා ඊයේ (26) පැවති ජනමත විචාරණයේ දී ඊට පක්ෂව ජන්ද සියයට 64.1ක් හිමි විය.විරුද්ධව ඡන්ද සියයට 35.9ක් ලැබිණි.

මෙම ජනමත විචාරණ ජයත් සමග ස්විට්සර්ලන්තයේ අගනුවර වන බර්න් හි ඉරිදා ආධාරකරුවන් එකතු කර ගනිමින් “සැමට විවාහය” ( මැරේජ් ෆෝ ඔල්) යන ජාතික කමිටුවේ ඇන්ටෝනියා හවුස්වර්ත් පැවසුවේ “අපි ඉතා සතුටින් සහ සැහැල්ලුවෙන් සිටින්නෙමු යනුවෙනි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමලිංගික යුවලකට සිවිල් විවාහ නීතිය විවෘත කිරීම "සමානාත්මතාවයේ සන්ධිස්ථානයක්" බවය.

කෙසේ වෙතත්, ස්විට්සර්ලන්තයේ දක්ෂිනාංශික ස්විට්සර්ලන්ත මහජන පක්ෂයේ සහ “සියළු දෙනාම විවාහ වීම තහනම්”  ( නොට් ටු මැරේජ් ෆෝ ඔල්) සංවිධානයේ යන ජනමත විමසුම් කමිටුවේ සාමාජිකාවක් වන මොනිකා රූගර් පැවසුවේ මෙම තීන්දුවෙන් තමා කලකිරීමට පත් වූ බවයි." මෙය ආදරය සහ හැඟීම් ගැන නොව, දරුවන්ගේ සුභසාධනය ගැනයි. මෙහි පරාජිතයන් වන්නේ දරුවන් සහ පියවරුන්" යැයි ඇය රොයිටර් පුවත් සේවයට පැවසුවාය.

මෙම නව නීතිය ගැන ස්විස් අධිකරණ ඇමතිනි කරින් කෙලර්-සුටර් බර්න් අගනුවරදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ,"වර්තමාන සැලකීමේ අසමානතාවයන්" අවසන් වන බවත්, "පුරවැසියන් ඔවුන්ගේ ජීවිත ගත කළ යුතු ආකාරයේ නීති රජය විසින් පනවන්නේ නැති බවත්" ය.ප්‍රථම සමරිසි විවාහ 2022 ජූලි 01 වැනිදා සිට කළ හැකි බවද කෙලර්-සූටර් පැවසුවාය.

මෙම ජනමත විචාරණය ජයග්‍රහණය කිරීමත් සමග එරට  සමරිසියන්ට ළමුන් තම භාරයට ගෙන හදා වඩා ගැනීම සඳහා නීත්‍යානුකූල අනුමැතිය ද හිමිවිය .මෙලෙස සමරිසි කාන්තාවන් දෙදෙනෙකු විසින් හදා ගනු ලබන දරුවාගේ මව ලෙස අදාල කාන්තාවන් දෙදෙනාගේම නම් යොදාගැනෙනු ඇත.

ජනමත විචාරණ ජයත් සමග ස්විට්සර්ලන්ත පුරවැසියෙකු විදේශීය සහකරුවෙකු හෝ සහකාරියක් විවාහ කර ගැනීමේදී, පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී සමරිසි ජෝඩු සඳහා ද අයදුම් කළ හැකි වන පරිදි නව නීති සම්පාදනය වනු ඇත.

සිවිල් විවාහ සහ සමලිංගිකයින් සඳහා දරුවන් හදා ගැනීමේ අයිතිය නීත්‍යානුකූල කරමින්  බටහිර යුරෝපයේ සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ අවසන් රට බවට පත් වූයේ ස්විට්සර්ලන්තයයි.

(සී.එන්.එන්.)



අදහස් (0)

සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ අවසන් රට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site