සමුරායි කඩුවක් රැගෙන තායිලන්ත රජ මාළිගාවට කඩා වැදීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම පුද්ගලයා පවසා ඇත්තේ තම දේශපාලන මතය පෙන්වා දීම උදෙසා මෙවැනි දෙයක් කළ බවය.
පොලිසියේ මැදිහත් වීම හමුවේ මාළිගාවට ඇතුල් වීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ තැන ඔහු එහි ආරක්ෂාවට සිටි ආරක්ෂක නිළධාරියකුට කඩු පහරක් එල්ල කර ඇත.
මෙම පුද්ගලයා සතුව චීන ධජයක් තිබී තමන් භාරයට ගත් බව ද තායිලන්ත පොලිසිය කියයි.
තායිලන්තය ස්වයං පාලනයක් යටතේ පවතින මුත් චීනයේ මතය වන්නේ එය තම පාලනයෙන් මිදී ගොස් සිටින පළාතක් බවයි.අනාගතයේ තායිලන්තය තමන් හා එක්වනු ඇති බව චීනයේ මතයයි.
හිටපු ඇමරිකා ජනපති බැරක් ඔබාමා කුඩා දරුවන් තිදෙනෙකු හමුවේ සිටිනු දැක්වෙන ඡායාරූපයක් ට්විටර් වෙබ් අඩවි ඉතිහාසයේ වැඩිම පිරිසකගේ කැමැත්ත හිමිවූ ඡායාරූපය බවට පත්ව තිබේ.
ජාතීන් තුනකට අයත් දරුවන් තිදෙනෙක් එම ඡායාරූපයේ සිටින අතර, එම ඡායාරූපය තම ට්විටර් ගිණුමට එක් කර ඇති ඔබාමා හිටපු දකුණු අපි‍්‍රකා ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ ස්වයං චරිතාපදානයෙන් ගත් උපුටනයක් ඒ යටින් සඳහන් කර ඇත.
උපතින්ම කිසිවෙක්, කෙනෙකුගේ හමේ පාට, ඔහුගේ පසුබිම හෝ ඔහුගේ ආගම නිසා, තවත් කෙනෙකුට වෛර කරන්නේ නැහැ.
මිනිසුන් වෛර කරන්නේ වෛරය ගැන උගැන්මෙන්.එළෙස ඔවුනට වෛර කරන්නට උගත හැකිනම්, ඔවුනට ආදරය කරන්නත් ඉගැන්විය හැකියි.ඒ මන්ද, වෛරයට වඩා ආදරය මිනිස් හදවතට සමීප දෙයක් නිසා.
ට්විටර් වෙබ් අඩවිය දැනුම් දී තිබෙන ආකාරයට මෙම ඡායාරූපයට ලක්ෂ 30කට ආසන්න පිරිසකගේ කැමැත්ත හිමිව ඇත. මින් පෙර මෙම වාර්තාවට හිමිකම් කියූවේ මැන්චෙස්ටර් බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් තම ට්විටර් ගිණුමේ සඳහන් කළ බටහිර ගායිකා ආරියානා ග‍්‍රාන්ඬේ ය.