අන්තර්ජාල පහසුකම් සහිතව ලොව ලාබම ස්මාර්ට් ජංගම දුරකථනය ඉන්දියාව බදාදා (17) වෙළඳපොළට නිකුත් කළේය.
රිංගින්ග් බෙල්ස් සමාගමේ ‘ෆ්‍රීඩම් 251‘ ජංගම දුරකථනය ඉන්දියා රුපියල් 251 (ශ්‍රී ලංකා රුපියල් 527.94) කට මිල නියම කළ බව එම සමාගම කියයි.
ගිගා බයිට් 8ක දත්ත ගබඩා කිරීමේ පහසුකම් ද ඉදිරිපස හා පසුපස කැමරාද සහිත මෙම දුරකථනයට ඇති වෙතියි එම සමාගම පවසයි.
‘මේ දුරකථනය අපේ වැදගත්ම නිෂ්පාදනයයි. විදුලි සංදේශ කර්මාන්තයේ විප්ලවයක් ඇති කිරීමට එය හේතුවෙයි‘ යැයි එම සමාගමේ ප්‍රකාශිකාවක ප්‍රංශ පුවත් සේවය සමග පැවසුවාය.
දැනට සමාගම එතෙරින් කොටස් ගෙනවුත් දුරකථනය ඉන්දියාවේ එකලස් කරයි. එහෙත් වසරක් ඇතුළත ඉන්දියාවේ එම දුරකථනය නිපදවන බව කියයි. මාස කිහිපයකට පෙර පිහිටවූ රිංගින් බෙල් සමාගම 4ජී ස්මාර්ට් ෆෝනයක් ඉන්දියා රුපියල් 2999 (ශ්‍රී ලංකා රුපයිල් 6307)කට මිල නියම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේන්න ගේනන තව තව ඒවා ගේන්න (නි)
මෙම ඉන්දියානු නිෂ්පාදන කිසිම ප්‍රමිතියකින් තොරව සාදන ඒවා , විශ්ෂයෙන් මොබිල් ටෙලෙෆෝන් ගත්විට ප්‍රවේසම් විය යුතු කරනා කිහිපයක් , මයික්‍රෝ වෙව් විකිරණ වලින් බේරීම සහ බැටරිය චාර්ජ් කිරීම සහ ගිනි ගන්න සුළු ලාබ බැටරි , මේවායේ , අඩුවට ගත්තා වාගේ නොවේ මිනිස් ජිවිත , ගණන වෙඩි උනත් ප්‍රමිතියක් තිබෙන දෙයක් ගැනීම වටිනවා. (ර)
ලාබ බඩුවේ හිලක් ඇත (නි)
ගාන අඩුවට දෙන එක හොදයි. ඒත් කල්පවතින හොද ඒවා දෙන්න. නැත්තං ඔහේලාගේ මඩි තර වුනාට ලෝක විනාසේ නවත්තන්න නං බැරි වේවි.(බ)
ලාබ බඩුවේ හිලක්ලුනේ (නි)
මේවා පාවිචි කරලා පස්සේ මොලේ පිළිකා හැදුණා කියලා කියන්න එපා. විකිරණශීලිතාවය වැඩි මෙවැනි ෆොනේ ලෝකේ ගොඩක් රටවල තහනම් කරලා තියෙන්නේ. (බ)
ඉන්දියාවේ බාල බඩු ලෝකේ විනාශ කරනවා ත්‍රීවීල් වගේ ලංකවේ පරිසරය විනාසයි. (බ)
අපිට ඉස්සරහට ගන්න වෙන්නේ ඕවම තමයි (නි)
නියමයි! හැබැයි ලංකාවට එනකොට කීයක ටැක්ස් ගහයිද දන්නේ නෑ (බ)
බන්දුල, හිලක් නැතිව ලාබෙට බඩුත් නැත. (ර)
වැඩක් නැහැ ලංකාවට ඕවා. සෙල්ෆෝන් නම් ඇපල්, අයිෆෝන් සික්ස් හරි ඊටත් වඩා අලුත් එකක් වෙන්න ඕනෑ. ලැප්ටොප් නම් කෝර් අයි සෙවන් හරි ඊටත් වැඩිය හොඳ එකක් වෙන්න ඕනෑ. (නි)