IMG-LOGO

සිම්බාබ්වේහි රන් ආකරයක සිරවූ පතල්කරුවන් 9 ක් බේරා ගනිති

වේල්ලක් බිඳීයෑම හේතුවෙන් වතුරෙන් යටවූ රන් ආකරයක සිරවූ පතල්කරුවන් නවදෙනකු බේරාගත් බව සිම්බාබ්වේ රජය පවසයි.
 
 නීතිවිරෝධී පතල්කරුවන් වන මොවුන් පසුගිය අඟහරුවාදා (12) පතලේ  සිරවූ අතර එම අනතුරින් දොළොස්දෙනකු පමණ මියගිය බව වාර්තා විය. 
 
හරාරේ අගනුවරට බටහිරින් කඩෝමා ආසන්නයේ පිහිටි මෙම පතලේ සිරවී සිටි පුද්ගලයින් බේරාගැනීම සඳහා එතැන්සිට දැවැන්ත මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය.
 
 සිම්බාබ්වේ රජය විසින් මෙය ජාතික ව්‍යසනයක් ලෙස නම් කෙරිණි.
 
 පතලේ මීටර් 40ක් පමණ ගැඹුරේ සිරවී සිටි මෙම පතල්කරුවෝ සියලුදෙනාම අවුරුදු 24ට අඩු අය බව පොලිසිය පවසයි. පතලේ උස් ස්ථානයක මොවුන් රැඳී සිට ඇති අතර ඔවුන්ගේ ගෙල දක්වාම වතුරෙන් යටවී තිබුණු බව සඳහන් වේ.
 
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

සිම්බාබ්වේහි රන් ආකරයක සිරවූ පතල්කරුවන් 9 ක් බේරා ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1550 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site