සිම්බාබ්වේ දේශය හරහා හමා ගිය ඉඩායි සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 259ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කාර්යංශය පවසයි.
 
පුද්ගලයින් 217ක් අතුරුදන්ව ඇති අතර සිය ගණනකට තුවාල සිදුවී ඇතැයි සඳහන් වේ.
 
මෙම කාර්යාංශය අද (22) නිකුත් කර ඇති එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 16000ක පිරිසක් තවමත් අවතැන් වී සිටින බවයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)