සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නගරයට උතුරින් පිහිටි රත්‍රන් පතලක සිදුවූ අනතුරකින් පතල් කම්කරුවන් නවදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
තවත් තිදෙනෙකු පතලේ සිරවී සිටින බවද පැවසේ.
පතලේ සිදුකළ පිපිරුමක දී බිත්ති කඩා වැටීම හේතුවෙන් මොවුන් අනතුරට ලක්වී ඇත.
බලධාරීන් සඳහන් කර ඇත්තේ මෙය නීතිවිරෝධීව පවත්වාගෙන ගිය පතලක් බවයි.
පෙබරවාරි මාසයේදී හරාරේ නගරයට බටහිරින් පතලක සිදුවූ මෙවැනිම අනතුරකින් 24 දෙනෙකු මිය ගොස් තිබේ.
සිම්බාබ්වේ හි පවතින අධික රැකියා හිඟය හේතුවෙන් බොහෝ තරුණයන් මෙවැනි අනතුරුදායක රැකියාවල නිරත වන බව මාධ්‍ය සඳහන් කරයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිම්බාබ්වේ රන් පතලක අනතුරකින් 9 ක් මරුට