සිම්බාබ්බේ ඉන්ධන මිල වැඩිකිරිමට එරෙහිව විරෝධතාවල නිරත පුද්ගලයන්ව එරට හමුදාව සිතාමතාම පීඩාවට ලක්කර ඇතැයි ආණ්ඩුව පත් කළ මානව හිමිකම් කමිටුව ප්‍රකාශ කරයි.
විරෝධතා මැඩපැවැත්වීම සඳහා සිම්බාබ්බේ හරාරේ අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකටම යුද හමුදාව යොදවා තිබේ.
හමුදාව සිදුකළ වෙඩි තැබීම් වලින් 12 දෙනෙකු මිය ගොස් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සතියකට වැඩි කාලයක් පැවැති විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් අතර විරෝධතා මැඩපැවැත්වීමට හමුදාව යොදාගැනීම බලධරයෝ දැඩි ලෙස විවේචනය කරති.
බීබීසි ඇසුරෙනි
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd