සිය රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩකාරි විරෝධතා උත්සන්න වීම හේතුවෙන් සිම්බාබ්බේ ජනාධිපති එමර්සන් මැනන්ගාවා මහතා යුරෝපා සංචාරය අතහැර දමා ආපසු පැමිණ ඇති බව වාර්තා වෙයි.

ජනපතිවරයා ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට ගොස් සිට තිබේ. එහිදී ඔහු සිම්බාබ්බේ සඳහා ආයෝජනය කිරිමට ඔහු බලාපොරොත්තු විය. 

සිම්බාබ්බේ ජනාධිපතිවරයා ඉන්ධන මිල ඉහළ දැමීමට නිවේදනය කිරිමත් සමඟ සිම්බාබ්බේ වැසියෝ විරෝධතා ඇරඹුහ. ඔවුහු ටයර් පුළුස්සා පාරවල් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුහ. එරට විපක්ෂය විසින් මෙම විරෝධතා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට පැවැති විරෝධතා වලින් අඩුම තරමින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 78 දෙනෙකු තුවාල ලැබු බව සිම්බාබ්බේ මානව හිමිකම් සංසදය පවසයි.
 
බීබිසි ඇසුරෙනි
(28535)