සම්බාධක පැනවීමෙන් උතුරු න්‍යෂ්ටික අර්බුදය විසඳිය නොහැකි යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් හමුවෙමින් රුසියානු ජනාධිපතිවරයා ඒ බව පැවැසීය. උතුරු කොරියාවට ඉන්ධන යැවීම නැවැතීම කනගාටුවට කරුණක් යැයි ද රුසියානු ජනාධිපතිවරයා එහිදි කීවේය.
නැගෙනහිර රුසියාවේ ව්ලැදිවොට්ස්ටොක් නගරයේ පැවැති ආර්ථික සමුළුවක් අතරවාරයේ රුසියානු ජනාධිපතිවරයා දකුණු කොරියා ජනාධිපතිවරයා හමුවිය. දකුණු කොරියාවේ අසල්වැසියන් වන උතුරු කොරියාව දිගින් දිගටම ආයුද අත්හදා බැලීම්වල නිරත වීමත් සමඟ ජාත්‍යන්තරයෙන් වැඩි අවධානයක් යොමු වී තිබේ. උතුරු කොරියාව මේ සති අන්තයේදී ද දිගු දුර මිසයිලයක් අත්හදා බලනු ඇතැයි ද තවදුරටත් වාර්තා වේ.
උතුරු කොරියාව පසුගිය සතියේදී න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළ බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් අදාළ අත්හදා බැලීමේ න්‍යෂ්ටික තත්ත්වය තමන් හඳුනා නොගත් බවත් සඳහන් කරමින් රුසියාව ප්‍රකාශයක් නිකුත් කළේය.
රොයිටර් 055
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සම්බාධක පැනවීමෙන් කොරියානු අර්බුදය විසඳන්න බෑ - පුටින්
gallage Friday, 08 September 2017 01:13 PM
අමෙරිකානු නින්දිත සම්බාධක හැමෝටම හරියන්නේ නැහැ. උතුරු කොරියානු මිනිස්සු එදා හිටිය වගේම හෙටත් ඉඳීවි. හැමදාම මිසයිල හද හදා ඉන්නවා. අන්තිමට කොහෙට හරි පත්තු වෙයි. සහයෝගයෙන් මිතුදමින් වැඩ නොකළොත් විනාශයක් වෙනවා අනිවාර්යයෙන්ම....