සම්බාධක පැනවීමෙන් උතුරු න්‍යෂ්ටික අර්බුදය විසඳිය නොහැකි යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 

දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් හමුවෙමින් රුසියානු ජනාධිපතිවරයා ඒ බව පැවැසීය. උතුරු කොරියාවට ඉන්ධන යැවීම නැවැතීම කනගාටුවට කරුණක් යැයි ද රුසියානු ජනාධිපතිවරයා එහිදි කීවේය. 

නැගෙනහිර රුසියාවේ ව්ලැදිවොට්ස්ටොක් නගරයේ පැවැති ආර්ථික සමුළුවක් අතරවාරයේ රුසියානු ජනාධිපතිවරයා දකුණු කොරියා ජනාධිපතිවරයා හමුවිය. දකුණු කොරියාවේ අසල්වැසියන් වන උතුරු කොරියාව දිගින් දිගටම ආයුද අත්හදා බැලීම්වල නිරත වීමත් සමඟ ජාත්‍යන්තරයෙන් වැඩි අවධානයක් යොමු වී තිබේ. උතුරු කොරියාව මේ සති අන්තයේදී ද දිගු දුර මිසයිලයක් අත්හදා බලනු ඇතැයි ද තවදුරටත් වාර්තා වේ. 

උතුරු කොරියාව පසුගිය සතියේදී න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළ බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් අදාළ අත්හදා බැලීමේ න්‍යෂ්ටික තත්ත්වය තමන් හඳුනා නොගත් බවත් සඳහන් කරමින් රුසියාව ප්‍රකාශයක් නිකුත් කළේය. 

 

රොයිටර් 055