එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරියක වන සමන්තා පවර් මහත්මිය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ (යු.එස්.එයිඩ්/යු.එස්.ඒ.අයි.ඩී) හී ප්‍රධානියා ලෙස පත් කිරීමට එරට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් පෙරේදා පියවර ගත්තේ ය.
ලොවපුරා තිබෙන අර්බුදවලට තිබෙන විසඳුම් සෙවීමේදී ඇයට තිබෙන ජාත්‍යන්තර අත්දැකීම් ඉතා ඉහළ යැයි සමන්තා පවර්ගේ පත්වීම සම්බන්ධයෙන් විඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේය.
‘‘සංවර්ධන න්‍යාය පත්‍රය අපේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන කුලුනක්ග ඊට නායකත්වය දෙන්න සමන්තා පවර් තරම් සුදුස්සෙක් නැහැ’’ යැයි හෙතෙම කීය.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා එම ධුරය දරන සමයේදී එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත ධුරය (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති) හෙබවූයේ සමන්තා පවර් ය. එමෙන්ම ඇය බැරැක් ඔබාමාගේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ද කටයුතු කළාය. ඊට අමතරව ඇය හිටපු ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය සහ මානව හිමිකම් උපදේශිකාවක් ලෙස ද කටයුතු කළාය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකා රජයේ සහ ඇමෙරිකානු රජයේ සමඅනුග්‍රහය යෝජනාවක් ඉදිරිපත් වූ 2015 වසරේදී ද සමන්තා පවර් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත ධුරය (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති) හෙබවූවා ය.
හිටපු විදේශ අමාත්‍යවරයකු සහ මුදල් අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් කොළඹදී 2019 වසරේ පැවැති උත්සවයේ මුඛ්‍ය දේශනය පැවැත්වූයේ ද සමන්තා පවර් මහත්මියයි.
මේ අතර සිරියානු යුද්ධයට හමුදාමය මැදිහත් වීමක් කිරීමට ඔබාමා පරිපාලනය ගත් තීරණයට සමන්තා පවර් දැඩි සේ විරුද්ධ වූ අතර ජනාධිපති ඔබාමා සමඟ දැඩි මත ගැටුම් ද ඇති කරගත්තා ය.
ඊට අමතරව ඔබාමා පරිපාලනය තවත් ප්‍රවීණයකු ලෙස සැළකෙන සහ එම පරිපාලනය සමයේ ආසියාව සම්බන්ධයෙන් ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස කටයුතු කළ කර්ට් කෑම්ප්බෙල්, ඉන්දු-ශාන්තිකර කලාපය සම්බන්ධ ධවල මන්දිර සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් පත් කිරීමට ද ජෝ බයිඩන් පියවර ගෙන ඇත. ඉන්දු-ශාන්තිකර කලාපයට චීනය ද අයත් වේ.
ද ගාඩියන් ඇසුරිනි - ඡායාරූපය රොයිටර්
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සමන්තා පවර් යු.එස්.එයිඩ් ලොකු පුටුවට