ලෝකයේ දැඩි වියළි කාලගුණයක් පවතින චීලීහි ඇටකාමා ප්‍රදේශයට හදිසියේ ක්ෂණිකව පතිත වු ධාරානිපාත වර්ෂාවක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් 24 දෙනෙක් අතුරුදන් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රදේශය පුරා විදුලිය විසන්ධි වී ඇත. දැඩි වර්ෂාව හේතුවෙන් නගරය හා පහළ මිටියාවත් ද තවමත් ජලයෙන් යටවී ඇත.
සහනසේවා කණ්ඩායම් හෙලිකොප්ටර් යොදා ගනිමින් විපතට ගලවාගැනීමේ මෙහෙයුම් අරඹා ඇත. තවදුරටත් වැසි සහිත කාලගුණයක් මෙම ප්‍රදේශයට පවතින බව එරට කාලගුණ වාර්තා පෙන්වා දෙයි.
චීලී හි හදිසි සේවා නිළධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ එක් පුද්ගලයෙක් වීදියකදී විදුලි සැර වැදි මියගොස් ඇති බවත් අනෙක් පුද්ගලයා මඩේ ගිලී මියගොස් ඇති බවත්ය. චීලි රජය පවසන්නේ කාන්තාර නගරයක් වන චන්නරාල් හි තත්වය වඩාත් නරක තත්වයට පත්ව ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොභා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ (නදී)