රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට සෞදි අරාබිය මැදිහත් වී සිටින අතර, ලෝක නායකයන් එක් කර ගනිමින් සෞදිය පවත්වන සාම සමුළුවට සහභාගී වන්නැයි ඉන්දියාවට ද ඇරැයුම් ලැබී ඇත.

සෞදිය සාම සමුළුව පවත්වන්නේ යුක්රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කී ට ඔහු සකස් කළ සාම වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දෙමිනි.

රුසියන් නියෝජිතයන් කිසිවකු සාම සමුළුවට සහභාගී නොවන අතර, සාම සමුළුවට රුසියාවට ඇරැයුම් කර නැතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.