තම ආදරය පතා ගගකට පැනි හිටපු පෙම්වතිය හා දැනට සිටිනා පෙම්වතිය අතුරින් කවරෙකුගේ දිවි බේරාගන්නේදැයි ගැටලූවකට මැදි වීමට චීන ජාතික පෙම්වතෙකුට සිදුවිය.
21 හැවිරිදි වූ හයිසා තම දිගු කාලීන පෙම්වතිය වූ ජුන් ටැන්ග් ට ආයුබෝවන් කිීවේ අලූතින් මුණගැසුනු රොන්ග් ට්සෝ කෙරේ ඔහුගේ ආදරයක් ඇතිවීම නිසාය.නමුත් වූ ට ලෙහෙසියෙන් ගැලවී යෑමට ජුන් ටැන්ග් ඉඩ නොදුන්නාය.ඇය නව යුවළට නිතරම කරදර කළාය.
මෙය වූ ගේ නව පෙම්වතිය කෝපගන්වන්නක් විය.ඇය වූ ට මැසිවිලි නැගුවාය.දෙදෙනගේ කරදරය ඉවසා ගත නොහැකි තැන වූ හයිසා දෙදෙනම එකවර හමුවීමට තීරණය කළේය.ඒ තමන් දැන් ආදරය කරන්නේ රොන්ග්ට බව ජුන් ටැන්ග්ට පැහැදිලි කර දීමටය.
නියම කරගත් දිනයේ තිදෙන හමුවූහ.නමුත් වූ හයිසා හට කතා කිරීමටවත් ඉඩ නොලැබුණි.කෙල්ලන් දෙදෙන කෙහෙවලූ පටලා ගත්තහ.ගැටුම දුරදිග ගියේය.එක්වනම ජුන් ටැන්ග් වැටක් මතට නැග පහතින් ගලා ගිය ගංගාවට පැන්නාය.ඇය මඩෙහි සිරවිය.වූ හයිසා පැමිණ තමන් ගලවා ගත යුතු බව ඇය කීවාය.
මේ දැක රොන්ග් ට්සෝද නිකම් නොසිටියාය.ඇයද ජුන් ටැන්ග් අනුගමනය කර ගගට පැන්නාය.දැන් ඇයද මඩෙහි ගිලී සිරවීය.ආදරය කරන්නේ තමන්ට බව පෙන්වා තමන් ගලවා ගන්නා ලෙස ඇයද වූ හයිසාට ඇවිටිලි කළාය.
තම සොහොයුරාට ඇමතුමක් දී තත්ත්වය පැහැදිලි කළ වූ ගගට පැන්නේය.ඔහු තෝරාගත්තේ නව පෙම්වතිය වූ රොන්ග්ය.ඔහුගේ සොහොයුරා පැමිණ ජුන් ටැන්ග් ගොඩට ගත්තේය.
මට රොන්ග්ව තෝරගන්න වුනා.ඒක ලෙහෙසි තීරණයක් වුනේ නැහැ.නමුත් මට එය කරන්න වුනා.
වූ හයිසා පසුව කීවේය.
ගිනි නිවීමේ භටයින් පිරිසක්ද එම ස්ථානයට පැමිණ සිටියෝය.කෙල්ලන් දෙදෙන ගොඩට ගැනීමෙන් පසු වූ හා සමග කළ කතාබහක් එක් ගිනි නිවීමේ භටයෙකුගේ කණවැකී තිබේ.
මම මාස 4 කට කලින් අපේ සම්බන්ධය නැවැත්වුවා.ඇයි මට කරදර කරන්නේ වූ ජුන් ටැන්ගෙන් අසා ඇත.
මට ඕනේ ඔයාට කරදර කරන්න තමා. ඇය පිළිතුරු දී ඇත්තීය.
2025 නොවැම්බර් මස 04
448
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන‘
චන්ද්‍රසිරි Friday, 27 March 2015 05:41 PM
පෙමවතාට තවත් කෙනෙක් හමු වුනොත් දෙවැනියාත් අතහරි (ම)
දුමින්ද Thursday, 26 March 2015 05:57 AM
මැදට පැන්න නිසා ගොඩ ගියා. (ස)
සමන්තලාල් කුමාරසිංහ Friday, 27 March 2015 07:07 AM
මේ ගීතයෙන් කියවෙන්නේ තමන්ගේ බිරිඳත්, තමනුත් අතර තිබෙන විසඳා ගත නොහැකි වු සොඳුරු අර්බුදයට පැටලුන පුරුෂයෙකු විසින් කියන ලද්දක්. (නදී)