නිව්යෝක් නුවරදීය (රොයිටර්)
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට චීනය ද කැමැත්ත පළ කර තිබේ.
චීන රජය, එරට නිෂ්පාදිත ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා ප්‍රදානය කළ බව පැවැසෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන තානාපතිවරයා පැවැසුවේ අප්‍රිකා රටවල සාම සාධක මෙහෙයුම්වල නියැලි සොල්දාදුවන්ට ප්‍රමුඛත්වය දෙමින් ඔවුන්ට එන්නත් ලබා දිය යුතු බවය.
මේ අතර ඉන්දීය රජය ද, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා එරට නිෂ්පාදිත ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් ලබා දෙන බව පවසා තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd