මාලි හි දී එක්සත් ජාතීන්ගේ සාම නිලධාරීන් නම දෙනකු ඝානයකැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ගැසෝ පළාතේ දී මේ ඝාතනය සිදුකර ඇත්තේ මග රැක සිට පහර දීමෙනි. මාලිහි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ඔලිවල් සල්ගාදු පවසන්නේ යතුරුපැදි වලින් පැමිණි බර අවි රැගත් පුද්ගලයන් පිරිසක් විසින් මේ ප්‍රහාරය එල්ල කැර ඇති බවයි.
ඝාතනයට ලක්වූ නම දෙනා ම මාලි ආසන්නයේ පිහිටි නයිජර් වැසියෝය. මේ ඝාතනයට වගකිවයුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ජාත්‍යන්තර මාධ්‍යයට පවසා ඇත්තේ මෙවැනි ඝාතන ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. එසේ ම එක්සත් ජාතින්ගේ නියෝජිතයන් සමග සහයෝගයෙන් කටයුතු කරණ සන්නද්ධ කණ්ඩායම් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යෙදවිය යුතු බව ද ඔහු කියා සිටියි.
සති දෙකකට පෙර චැඩ් රාජ්‍යයේ දී බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම නිලධාරීන් පස් දෙනෙක් මියගියහ.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාම නියෝජිතයෝ නමයක් මරුට