මාලි හි දී එක්සත් ජාතීන්ගේ සාම නිලධාරීන් නම දෙනකු ඝානයකැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ගැසෝ පළාතේ දී මේ ඝාතනය සිදුකර ඇත්තේ මග රැක සිට පහර දීමෙනි. මාලිහි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ඔලිවල් සල්ගාදු පවසන්නේ යතුරුපැදි වලින් පැමිණි බර අවි රැගත් පුද්ගලයන් පිරිසක් විසින් මේ ප්‍රහාරය එල්ල කැර ඇති බවයි.

ඝාතනයට ලක්වූ නම දෙනා ම මාලි ආසන්නයේ පිහිටි නයිජර් වැසියෝය. මේ ඝාතනයට වගකිවයුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ජාත්‍යන්තර මාධ්‍යයට පවසා ඇත්තේ මෙවැනි ඝාතන ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. එසේ ම එක්සත් ජාතින්ගේ නියෝජිතයන් සමග සහයෝගයෙන් කටයුතු කරණ සන්නද්ධ කණ්ඩායම් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යෙදවිය යුතු බව ද ඔහු කියා සිටියි.

සති දෙකකට පෙර චැඩ් රාජ්‍යයේ දී බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම නිලධාරීන් පස් දෙනෙක් මියගියහ.