2015 නොවැම්බර් 09 | ප.ව. 12:46
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
පැරිස් නුවර ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරයේ පැවති වාර්ෂික කඨින පුජෝත්සවයේදී මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට ද පින්පමුනුවනු ලැබීය.
පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැරිස් ධම්ම චක්ක දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන්ගේ මෙන්ම දෙමව්පියන්ගේද සංවිධායකත්වයෙන් පැවති මෙම පින්කමට ශ්‍රී ලංකා, බංගලාදේශ, වියට්නාම, කාම්බෝජ, ලාඕස, චීන, බුරුම සහ ප්‍රංශය යන රටවල හිමිවරු සහ ගිහියෝ සහභාගී වුහ.
සෝභිත නාහිමියන්ගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවක් යැයි විශේෂ අනුශාසනාවක් පවත්වමින් ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යායේ ඤාණිස්සර නා හිමියෝ පැවසූහ.
"පවතින ආණ්ඩුව කුමක් වුවත් සම්බුද්ධ ශාසනයට මෙන්ම සිංහල ජාතියට කිසියම් අසාධාරණයක් සිදුවූ හැම අවස්ථාවකම තමන් වහන්සේට කොතරම් අපහසු තාවයක් හෝ අවාසියක් සිදුවුවත් ඒ ගැන නොතකා වැරදි ක්‍රියාවන්ට විරුද්ධව සෝභිත නාහිමයන් හඬ නැඟුවා. එනිසා සමහර අවස්ථාවල උන්වහන්සේට ශාරීරික පීඩා පවා සිදුවූ බව දැනගන්නට ලැබුණා. අසාධාරණයට විරුද්ධව හඬක් නැඟීම හේතුවෙන් හැමවිටම උන්වහන්සේ විරුද්ධ පක්ෂයට අයත් වුණා. සෝභිත නාහිමියන්ගේ අපවත්වීම නිසා ඇතිවූ හිඩැස පිරවීමට තව බොහෝ කලක් ගතවිය හැකයි" යයි ද ඤාණිස්සර නාහිමියෝ කීහ.
මෙම පිංකම සඳහා ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්දරතන, නිට්ටඹුව සාරිපුත්ත පීඨාධිපති කොටගම වාචිස්සර, විතාරන්දෙණියේ ශ්‍රී සුදර්ශනාරාමාධිපති විශ්‍රාමලත් පරිවෙනාධිපති කිරින්දේ ගුණසිරි, වීරකැටිය රාජපක්ෂ ජාතික පාසලේ ධර්මාචාර්ය ඉත්තදෙමලියේ පඤ්ඤාරතන, කුඩාබැදිගම ශ්‍රී සුදස්සනානන්ද විහාරාධිපති කම්බුස්සාවල ගුණරතන, කඳුරුපොකුනේ ජයසුන්දර පුරාණ විහාරාධිපති විතාරන්දෙණියේ ඤාණරතන, මනම්පිට අමිත, මාපලගම ජිනානන්ද, කැන්දවින්නේ රාහුල, කහත්තේවෙල සුගතසිරි, කැම්පනේ අනුරුද්ධ, බුරුමයේ යු.කුමාර, බංගලාදේශයේ පඤ්ඤාවංශ සහ ජෝතිසාර බුද්ධප්‍රිය යන හිමිවරු සහභාගී වුහ.
මේඅතර සෝභිත නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ සාතිශය සංවේගය පිරිනමන බව විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියෝ ලංකාදීප එසැණට දන්වා සිටිති. එම එම පණිවිඩයේ මෙසේද දක්වා ඇත.
"අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලාංකික ථෙරවාද සාසනික සම්ප්‍රදාය බොහෝ අංශ වලින් ඒකාලෝක කළ ජාතික සාමයික පරමාර්ථ වෙනුවෙන් සිය පැවිදි දිවිය සාකල්‍යයෙන්ම කැප කළ සුවිසේශී භික්ෂුවහන්සේ නමකි. එක්තරා යුගයක තරුණ භික්ෂූන් වහන්සේලාගේ සැබැ හඬ උන්වහන්සේම වීය. විටෙක මාර්ගෝප දේශකයෙකු වූහ. විටෙක වාදීභසිංහයෙකු වූහ. විටෙක ජන සමාජ විඥානය සසල කරවූ ධර්ම දේශකයෙකු වුහ. ඒ නිසාම උනවහන්සේගේ සමුගැණීම සැමට දැනෙන, පහසුවෙන් පිරිමැසිය නොහැකි බලවත් පාඩුවකි. ජිනීවා බෞද්ධ විහාරයට ද විශේෂ ඇල්මක් දැක්වූ උන්වහන්සේට අප විහාරයීය සාතිශය සංවේගය සමඟ උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු."
ලන්ඩන් බෞද්ධ විහාරය සහ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි සෝභිත නාහිමියන්ට පින්පතා විශේෂ පින්කම් සංවිධානය කර ඇත.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ පිංකම අද ( 9 වන සඳුදා) සවස 6.30 ට පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd