අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියනට පිං අනුමෝදන් කිරීමේ පින්කම් මාලාවක් ලන්ඩන් බෞද්ධ විහාරය, ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානය ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි සිදුවිණි.
මාදුළුවාවේ සෝභිත මාහිමි ජිවත්ව සිටියදී ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයන්හි ධර්ම ෙද්ශනා පැවැත්වු බව ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.
උන්වහන්සේගේ අපවත්වීම ජාති හෝ ආගම් බේදයකින් තොරව ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට මෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හට පවා සිදුවූ පාඩුවක් බවද උන්වහන්සේ පැවසුහ.
සෝභිත හිමියන් කුඩා කාලයේ සිට දැන හැඳින සිටි බවත් සැම විටම උන්වහන්සේ කියන දේ කරන කරන දේ කියන නිර්භීත සංඝ පිතෘන් වහන්සේ නමක් බවත් සෝභිත හිමියන් ශ්‍රී ලංකාව පුරා පිහිටි දුෂ්කරතා බහුල විහාරස්ථානයන්හි පැවැත්ම සඳහා තමන් වහන්සේට ලැබෙන දානමාන සහ පිරිකර නිරන්තරයෙන් බෙදා දුන්,බවත් ඈත ගම් දනව්වල දුෂ්කර ජිවිත ගෙවන බොදු සැදැහැවතුන්ගේ දුක්පීඩා නිවාලීමට ශක්ති ප්‍රමාණයෙන් උදව් උපකාර කළ බවත් සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී හඳුපැල්පොල මහින්ද හිමියෝ කීහ.
බර්මින්හැම් ජේතවන විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමි පැවසුවේ අපවත්වී වදාළ සෝභිත නාහිමියන් බොහෝ වතාවක් බර්මින්හැම් පන්සලේ පින්කම් සඳහා වැඩමකළ බවයි. කිසිදු නම්බු නාමයක් හෝ නිළ තනතුරක් බාර නොගත් ඒ හිමි බුදුන් වහන්සේ වදාළ ධර්මය මුල්කරගනිමින් වැඩකටයුතු කළ අසාමාන්‍ය යතිවරයාණන් වහන්සේ නමක් බව ද ගුණවංශ හිමියෝ කීහ.
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/1211.jpg)
![20[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2013.jpg)
![24[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2411.jpg)
![BIRMINGHAM[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/BIRMINGHAM1.jpg)
![BIRMINGHAM2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/BIRMINGHAM21.jpg)
![LBV_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/LBV_11.jpg)
![LBV2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/LBV21.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd