කාශ්මීරයේ ඉන්දියානු පාලන ප්‍රදේශයේ සියැචෙන් ග්ලැසියරයේ තිබූ හිම කඩා වැටීමෙන් ඉන්දියානු යුද සෙබළු 10 දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සියැචෙන් යනු ලෝකයේ උසින්ම පිහිටි යුද කලාපය ලෙස සැළකේ. මේ ස්ථානයේ ඉන්දියානු හා පකිස්ථානු යුද සෙබළු කඳවුරු ලා සිටිති.

හමුදා ආරංචි මාර්ග පවසන්නේ ගුවන් හමුදාව හා පොලිස් සුනඛයන් යොදවා මේ භටයන් සෙවීමේ කටයුතුවල නිරතවන බවයි. මේ අනතුර පැවති ස්ථානයේ හමුදා මුරපොළක් පැවති බව ද එරට හමුදාව පවසා ඇත.