IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සීබ්‍රා පැටවාට රයිනෝ පිහිටට එයි

දකුණු අප්‍රිකාවේ වනෝද්‍යානයක මඩේ එරී මර බියෙන් දඟලමින් සිටි සීබ්‍රා පැටවකු බේරා යලි ගොඩබිමින් තැබීමට රයිනෝ රැළක් කටයුතු කරණ දුර්ලභ දසුන් පෙළක් වෑන් මුයිසන් නමැති වනජීවී ඡායාරූප ශිල්පියකු විසින් කැමරාවට නගා ඇත.

ඔහු පවසන්නේ මෙය ස්වභාවිකත්වය ස්වභාවිකත්වයට ඉඩ දීමක් බවයි. සිය මවගෙන් වෙන්වී අතරමං වූ සිබ්‍රා පැටවා තණ උලාකමින් මඩ සහිත ස්ථානයට පැමිණ මඩේ එරී දිවි ගලවා ගත නොහැකිව සිටි බව ඔහු පවසයි. ඒ අසළට පැමිණි රයිනෝ රංචුවක සිටි තරුණ රයිනෝවකු සිය අ‍ඟෙන් රයිනෝ පැටවා ඔසවා ගොඩබිමින් තැබූ බවත් මෙය ස්වභාවික ලෝකයේ ස්වභාවිකත්වය ඉස්මතුවූ අපූරු අවස්ථාවක් බවත් ඔහු පවසයි.

Zeebra (1)  Zeebra (5) Zeebra (3) Zeebra (4)

Zeebra (2)

 



අදහස් (0)

සීබ්‍රා පැටවාට රයිනෝ පිහිටට එයි

උක්කුන් පුතා Tuesday, 03 March 2015 09:52 AM

ආදරය, දුක සහ සතුට කාටත් පොදු හැඟීම්. ජිවිතේ යථාර්තෙන් ඈත් වුන කට්ටියට නම් මේ වැඩේ පුදුම ඇති. (නදී)

:       0       0

සතිස් Tuesday, 03 March 2015 10:52 AM

උලා කන්න, තණ නම් පෙන්න නෑ. මඩ නම් තියෙනවා ඇති වෙන්න. කොහොම වුනත් ඉතා අගනා පින්තූර ටිකක්.(නදී)

:       0       0

රසික පුෂ්ප කුමාර Monday, 02 March 2015 02:45 PM

ජීවිතයක් බාර ගත් පිනෙන් මතු උපදින ආත්මයක මිනිසත් බව ලැබේවා (නදී)

:       0       0

රජින්ද Monday, 02 March 2015 04:11 PM

තිරිසනුන් වුණත් දෙදෙනාම පින්වන්ත අය. (නි)

:       0       0

ශ්‍රියානි Thursday, 05 March 2015 09:24 AM

ඇත්තටම අදහාගන්න අමාරුයි. සිවුපාවට වුණත් අසරණකම තේරෙන්න ඇති (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 03 March 2015 01:45 PM

මිනිස්සුම තමයි සත්තු හැටියට ඉපදෙන්නේ හේතු පල දර්මයට අනුව. (නදී)

:       0       0

රසික Monday, 02 March 2015 04:53 PM

දැන් මිනිසුන්ට නැති ගතිගුණ සතුන් ළඟ තිබෙනවා. (නි)

:       0       0

චානක මධුසංඛ Monday, 02 March 2015 04:58 PM

කියන්න වචන නැහැ, සත්තකින්ම (නි)

:       0       0

සුනිල් Monday, 02 March 2015 06:29 PM

රසික, පිස්සු කතා කියන්න එපා. (නි)

:       0       0

මාධව Wednesday, 04 March 2015 05:32 AM

මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරෙන ලෝකයේ, තිරිසනුන් යැයි හිතන සතුන් මනසින් උසස් මනසක් ඇති මිනිසුන්ටත් ආදර්ශයක් ලෙස හැසිරීම තුලින්ම අපට හිතන්න පුළුවන් හුදෙක් සල්ලි මත්තේ හැල්මේ දුවමින් සාරධර්ම පැත්තකට විසිකරලා අද ඉන්න තත්වය. (නදී)

:       0       0

රූපවතී Monday, 02 March 2015 09:04 PM

අනේ! රසික ප්‍රාර්ථනා කළසේම මාත් එකසිතින් ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

හර්ෂණ Friday, 05 June 2015 02:16 AM

අපූරු කතාවක් (නි)

:       0       0

උපුල් Tuesday, 03 March 2015 05:09 PM

පින්වන්ත ක්‍රියාවක් (නි)

:       0       0

අනුෂා Tuesday, 03 March 2015 04:03 AM

සුනිල්ගේ කතාවෙන් පේනවා කාටද පිස්සු කියලා.(නදී)

:       0       0

දිමුත් Tuesday, 03 March 2015 04:31 AM

සුනිල්, රසික කියපු දේ හරි. (නදී)

:       0       0

දුමින්ද Tuesday, 03 March 2015 05:00 AM

මතකද ජාතක කතාවක, බෝසත් සිංහයෙක්ව සිල්වත් නරියෙක් ඔය විදියටම බේරාගත් විදිය (නදී)

:       0       0

රාජසිංහ Tuesday, 03 March 2015 05:14 AM

මේ සත්තුන්ගෙන් හරි පාඩම් ඉගෙනගන්න ඕන කාලේ. (ර)

:       0       0

මරතේලිස් Tuesday, 03 March 2015 05:46 AM

ඊට පස්සේ සිංහයෙක් ඇවිත් සීබ්‍රා පැටියව අල්ලන් යනවා. එකත් සොබාදහම ස්වභාවිකත්වයට ඉඩ දීමක්. (ර)

:       0       0

ප්‍රියංක Tuesday, 03 March 2015 05:54 AM

දැන් සත්තු මිනිස්සුන්ට පාඩම් කියලා දෙනවා. හරිම සංවේදී අවස්ථාවක්. (ර)

:       0       0

සාගර Wednesday, 04 March 2015 10:20 AM

ආදර්ශවත් සතෙක් . මනුෂ්‍ය ගති ගුණ තියෙන්නේ. ලබන ආත්මේ මිනිසෙක් වේවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site